Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana

external-link copy
102 : 10

فَهَلْ یَنْتَظِرُوْنَ اِلَّا مِثْلَ اَیَّامِ الَّذِیْنَ خَلَوْا مِنْ قَبْلِهِمْ ؕ— قُلْ فَانْتَظِرُوْۤا اِنِّیْ مَعَكُمْ مِّنَ الْمُنْتَظِرِیْنَ ۟

පෙර විසූ බොරුකාර සමූහයන්ට අල්ලාහ් ඇති කළ සිදුවීම් මෙන් මිස වෙනත් කිසිවක් මෙම බොරුකාරයෝ බලාපොරොත්තු වන්නෝද? අහෝ දූතය! ඔවුනට නුඹ පවසනු. “නුඹලා අල්ලාහ්ගේ දඬුවම බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමග මාගේ පරමාධිපතිගේ ප්රතිඥාව බලාපොරොත්තුවෙන් සිටින්නන් අතරින් වෙමි.” info
التفاسير:
Poruke i pouke ajeta na ovoj stranici:
• الإيمان هو السبب في رفعة صاحبه إلى الدرجات العلى والتمتع في الحياة الدنيا.
•දේව විශ්වාසය, අදාළ පුද්ගලයා උසස් තරාතිරම් වෙත උසස් කරවීමේ සාධකයක් මෙන්ම මෙලොව ජීවිතයේ සතුට ගෙන දෙන්නකි. info

• ليس في مقدور أحد حمل أحد على الإيمان؛ لأن هذا عائد لمشيئة الله وحده.
•දේව විශ්වාසය මත කිසිවෙක් පිහිටවීමට කිසිවකුට හැකියාවක් නැත. ඊට හේතුව එය යොමු වනුයේ අල්ලාහ්ගේ අභිමතය පරිදි පමණය. info

• لا تنفع الآيات والنذر من أصر على الكفر وداوم عليه.
•දේව ප්රතික්ෂේපය මත පිහිටා, එහි දිගටම සිටින පුද්ගලයාට සාක්ෂි හා සාධක ඉදිරිපත් කිරීමෙන් හෝ අවවාද කිරීමෙන් ඵලක් වන්නේ නැත. info

• وجوب الاستقامة على الدين الحق، والبعد كل البعد عن الشرك والأديان الباطلة.
•සත්ය දහම මත ස්ථාවර ව සිටීමේ හා දේව ආදේශය, හා ව්යාජ ඇදහිළිවලින් ඈත් ව සිටීමේ අනිවාර්යභාවය. info