Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod - Prevodilački centar Ruvvad

Broj stranice:close

external-link copy
82 : 11

فَلَمَّا جَآءَ اَمْرُنَا جَعَلْنَا عَالِیَهَا سَافِلَهَا وَاَمْطَرْنَا عَلَیْهَا حِجَارَةً مِّنْ سِجِّیْلٍ ۙ۬— مَّنْضُوْدٍ ۟ۙ

අපගේ නියෝගය පැමිණි කල්හි අපි එය (ගම්මානය) උඩු යටිකුරු කළෙමු. තවද ඒ වෙත පිලිස්සුනු ගල්වරුසාවක් වැස්සවීමු. info
التفاسير:

external-link copy
83 : 11

مُّسَوَّمَةً عِنْدَ رَبِّكَ ؕ— وَمَا هِیَ مِنَ الظّٰلِمِیْنَ بِبَعِیْدٍ ۟۠

(එය) නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවකි. තවද අපරාධකරුවන්ගෙන් එය දුරස් නො වීය. info
التفاسير:

external-link copy
84 : 11

وَاِلٰی مَدْیَنَ اَخَاهُمْ شُعَیْبًا ؕ— قَالَ یٰقَوْمِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرُهٗ ؕ— وَلَا تَنْقُصُوا الْمِكْیَالَ وَالْمِیْزَانَ اِنِّیْۤ اَرٰىكُمْ بِخَیْرٍ وَّاِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ مُّحِیْطٍ ۟

තවද මද්යන් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව ද (එව්වෙමු.) ‘මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. කිරුම් හා මිනුම්වල අඩු නො කරනු. නියතවශයෙන් ම මම නුඹලා යහපත් තත්ත්වයේ දකිමි. තවද නියතවශයෙන් ම මම සියල්ල ග්‍රහණය කරන දිනයක දඬුවම නුඹලා වෙත ඇති වීම ගැන බිය වෙමි’ යැයි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
85 : 11

وَیٰقَوْمِ اَوْفُوا الْمِكْیَالَ وَالْمِیْزَانَ بِالْقِسْطِ وَلَا تَبْخَسُوا النَّاسَ اَشْیَآءَهُمْ وَلَا تَعْثَوْا فِی الْاَرْضِ مُفْسِدِیْنَ ۟

තවද අහෝ මාගේ ජනයිනි! නුඹලා කිරුම් මිනුම් සාධාරණ ලෙසින් පූර්ණවත් කරනු. තවද ජනයාට ඔවුන්ගේ භාණ්ඩවල අඩුපාඩු නො කරනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස ඉක්මවා කටයුතු නො කරනු. info
التفاسير:

external-link copy
86 : 11

بَقِیَّتُ اللّٰهِ خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۚ۬— وَمَاۤ اَنَا عَلَیْكُمْ بِحَفِیْظٍ ۟

නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් වූයෙහු නම් අල්ලාහ්ගෙන් වූ ශේෂය නුඹලාට උතුම් ය. තවද මම නුඹලා වෙත වූ ආරක්ෂකයකු නො වෙමි. info
التفاسير:

external-link copy
87 : 11

قَالُوْا یٰشُعَیْبُ اَصَلٰوتُكَ تَاْمُرُكَ اَنْ نَّتْرُكَ مَا یَعْبُدُ اٰبَآؤُنَاۤ اَوْ اَنْ نَّفْعَلَ فِیْۤ اَمْوَالِنَا مَا نَشٰٓؤُا ؕ— اِنَّكَ لَاَنْتَ الْحَلِیْمُ الرَّشِیْدُ ۟

අහෝ ෂුඅයිබ්! අපගේ මුතුන් මිත්තන් නමදින දෑ අප අත හැර දැමීමටත් අපගේ වස්තුවල අප කැමති පරිදි අප කටයුතු නො කිරීමටත් නුඹගේ සලාතය නුඹට අණ කරන්නේ ද? සැබැවින් ම නුඹ ඉවසනු සුළු තැනැත්තා ද, යහ මග ගමන් කරන්නා ද වේ යැයි (විහිඵවට) පැවසූහ. info
التفاسير:

external-link copy
88 : 11

قَالَ یٰقَوْمِ اَرَءَیْتُمْ اِنْ كُنْتُ عَلٰی بَیِّنَةٍ مِّنْ رَّبِّیْ وَرَزَقَنِیْ مِنْهُ رِزْقًا حَسَنًا ؕ— وَمَاۤ اُرِیْدُ اَنْ اُخَالِفَكُمْ اِلٰی مَاۤ اَنْهٰىكُمْ عَنْهُ ؕ— اِنْ اُرِیْدُ اِلَّا الْاِصْلَاحَ مَا اسْتَطَعْتُ ؕ— وَمَا تَوْفِیْقِیْۤ اِلَّا بِاللّٰهِ ؕ— عَلَیْهِ تَوَكَّلْتُ وَاِلَیْهِ اُنِیْبُ ۟

අහෝ මාගේ ජනයිනි! මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී තවද ඔහු විසින් යහපත් පෝෂණය මා වෙත පිරිනමා තිබීම ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මා නුඹලාට කවර දෙයක් තහනම් කළේ ද එයින් බැහැරව නුඹලාට විරුද්ධව කටයුතු කිරීමට මම අපේක්ෂා නො කරමි. මට හැකි පමණින් (සමාජය) විධිමත් කිරීම මිස වෙනෙකක් මම බලාපොරොත්තු නො වෙමි. මාගේ පිළිගැනීම අල්ලාහ්ගෙන් මිස වෙනෙකෙකුගෙන් නැත. ඔහු වෙත මම (සියල්ල) භාර කළෙමි. තවද ඔහු වෙතට යොමු වෙමි. info
التفاسير: