আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ

পৃষ্ঠা নং:close

external-link copy
29 : 31

اَلَمْ تَرَ اَنَّ اللّٰهَ یُوْلِجُ الَّیْلَ فِی النَّهَارِ وَیُوْلِجُ النَّهَارَ فِی الَّیْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ؗ— كُلٌّ یَّجْرِیْۤ اِلٰۤی اَجَلٍ مُّسَمًّی وَّاَنَّ اللّٰهَ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟

නියත වශයෙන් ම අල්ලාහ් රාත්‍රිය දහවල තුළ ඇතුළත් කරන බවත් දහවල රාත්‍රිය තුළ ඇතුළත් කරන බවත් ඔබ නො දුටුවෙහි ද? තවද හිරු හා සඳු ඔහු වසඟ කළේ ය. (එය) සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. තවද නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය. info
التفاسير:

external-link copy
30 : 31

ذٰلِكَ بِاَنَّ اللّٰهَ هُوَ الْحَقُّ وَاَنَّ مَا یَدْعُوْنَ مِنْ دُوْنِهِ الْبَاطِلُ ۙ— وَاَنَّ اللّٰهَ هُوَ الْعَلِیُّ الْكَبِیْرُ ۟۠

නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය සත්‍ය ය. තවද නියත වශයෙන් ම ඔහු හැර දමා ඔවුන් ඇරයුම් කරන දෑ අසත්‍යය වේ. තවද නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය උත්තරීතර; අතිමහත් වනයේ. info
التفاسير:

external-link copy
31 : 31

اَلَمْ تَرَ اَنَّ الْفُلْكَ تَجْرِیْ فِی الْبَحْرِ بِنِعْمَتِ اللّٰهِ لِیُرِیَكُمْ مِّنْ اٰیٰتِهٖ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُوْرٍ ۟

ඔහුගේ සංඥා අතරින් නුඹලාට ඔහු(ගේ බලය) පෙන්වීම පිණිස නියත වශයෙන් ම අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් මුහුදෙහි ගමන් කරන නැව් ඔබ නො දුටුවෙහි ද? ඉවසිලිවන්ත කෘතගුණ සලකන සෑම කෙනෙකුට ම එහි සංඥාවන් ඇත. info
التفاسير:

external-link copy
32 : 31

وَاِذَا غَشِیَهُمْ مَّوْجٌ كَالظُّلَلِ دَعَوُا اللّٰهَ مُخْلِصِیْنَ لَهُ الدِّیْنَ ۚ۬— فَلَمَّا نَجّٰىهُمْ اِلَی الْبَرِّ فَمِنْهُمْ مُّقْتَصِدٌ ؕ— وَمَا یَجْحَدُ بِاٰیٰتِنَاۤ اِلَّا كُلُّ خَتَّارٍ كَفُوْرٍ ۟

තවද කඳු මෙන් රළ ඔවුන් වසා ගත් විට දහම අල්ලාහ්ට පමණක් පුද කරන්නන් ලෙසින් ඔවුහු ඔහු ඇරයුම් කළෝ ය. එහෙත් ඔහු ඔවුන් ගොඩබිම වෙත මුදවාගෙන ආ කල්හි එවිට ඔවුන් අතරින් මධ්‍යස්ථව කටයුතු කරන්නන් ද විය. එමෙන් ම වංචාකාර ගුණමකු සෑම කෙනෙකුම මිස අපගේ සංඥා පිටු නො දකිනු ඇත. info
التفاسير:

external-link copy
33 : 31

یٰۤاَیُّهَا النَّاسُ اتَّقُوْا رَبَّكُمْ وَاخْشَوْا یَوْمًا لَّا یَجْزِیْ وَالِدٌ عَنْ وَّلَدِهٖ ؗ— وَلَا مَوْلُوْدٌ هُوَ جَازٍ عَنْ وَّالِدِهٖ شَیْـًٔا ؕ— اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ فَلَا تَغُرَّنَّكُمُ الْحَیٰوةُ الدُّنْیَا ۥ— وَلَا یَغُرَّنَّكُمْ بِاللّٰهِ الْغَرُوْرُ ۟

අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. තවද පියකු තම දරුවා සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි එමෙන් ම දරුවකුට තම පියා සම්බන්ධයෙන් කිසිවක් කටයුතු කරන්නකු විය නොහැකි දිනයකට නුඹලා බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් මෙලොව ජීවිතය නුඹලාව මුළා කර නො දැමිය යුතු ය. තවද මුළා කරන්නා ද අල්ලාහ් ගැන නුඹලා මුළා නො කර යුතු ය. info
التفاسير:

external-link copy
34 : 31

اِنَّ اللّٰهَ عِنْدَهٗ عِلْمُ السَّاعَةِ ۚ— وَیُنَزِّلُ الْغَیْثَ ۚ— وَیَعْلَمُ مَا فِی الْاَرْحَامِ ؕ— وَمَا تَدْرِیْ نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا ؕ— وَمَا تَدْرِیْ نَفْسٌ بِاَیِّ اَرْضٍ تَمُوْتُ ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌ خَبِیْرٌ ۟۠

අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ නියත වශයෙන් ම අල්ලාහ් වනාහි ඔහු අබියස ය. ඔහු වැසි පහළ කරයි. තවද ගර්භාෂයන් තුළ ඇති දෑ දනී. හෙට දින උපයනුයේ කුමක් දැ? යි කිසිදු ආත්මයක් නො දනී. තවද කවර භූමියක මරණයට පත් වන්නේ දැ? යි කිසිදු ආත්මයක් නො දනී. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; අභිඥානවන්ත ය. info
التفاسير: