আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ

পৃষ্ঠা নং:close

external-link copy
12 : 31

وَلَقَدْ اٰتَیْنَا لُقْمٰنَ الْحِكْمَةَ اَنِ اشْكُرْ لِلّٰهِ ؕ— وَمَنْ یَّشْكُرْ فَاِنَّمَا یَشْكُرُ لِنَفْسِهٖ ۚ— وَمَنْ كَفَرَ فَاِنَّ اللّٰهَ غَنِیٌّ حَمِیْدٌ ۟

තවද අල්ලාහ්ට කෘතවේදී වන්නට සැබැවින් ම අපි ලුක්මාන්ට ප්‍රඥාව පිරිනැමුවෙමු. තවද කවරෙකු කෘතවේදී වන්නේ ද එසේ ඔහු කෘතවේදී වනුයේ ඔහුට ම ය. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේද එවිට නියත වශයෙන් ම අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය; ප්‍රශංසාලාභී ය. info
التفاسير:

external-link copy
13 : 31

وَاِذْ قَالَ لُقْمٰنُ لِابْنِهٖ وَهُوَ یَعِظُهٗ یٰبُنَیَّ لَا تُشْرِكْ بِاللّٰهِ ؔؕ— اِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِیْمٌ ۟

තවද ලුක්මාන් තම පුතණුවන්ට උපදෙස් දෙමින් ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු. අහෝ මාගේ පුතණුවනි! ඔබ අල්ලාහ්ට ආදේශ නො කරනු. නියත වශයෙන් ම ආදේශ කිරීම මහත් වූ අපරාධයකි. info
التفاسير:

external-link copy
14 : 31

وَوَصَّیْنَا الْاِنْسَانَ بِوَالِدَیْهِ ۚ— حَمَلَتْهُ اُمُّهٗ وَهْنًا عَلٰی وَهْنٍ وَّفِصٰلُهٗ فِیْ عَامَیْنِ اَنِ اشْكُرْ لِیْ وَلِوَالِدَیْكَ ؕ— اِلَیَّ الْمَصِیْرُ ۟

ඔහුගේ මව දුර්වලත්වයෙන් දුර්වලත්වයට පත්වෙමින් ඔහු ඉසිලුවා ය. ඔහුට කිරිවැරීම වසර දෙකක් තුළ විය. මට හා ඔබේ දෙමාපියන්ට කෘතවේදී වනු. නැවත යොමු වීමේ ස්ථානය මා වෙතය යැයි මිනිසාට ඔහුගේ දෙමව්පියන් පිළිබඳව අපි උපදෙස් දුනිමු. info
التفاسير:

external-link copy
15 : 31

وَاِنْ جٰهَدٰكَ عَلٰۤی اَنْ تُشْرِكَ بِیْ مَا لَیْسَ لَكَ بِهٖ عِلْمٌ فَلَا تُطِعْهُمَا وَصَاحِبْهُمَا فِی الدُّنْیَا مَعْرُوْفًا ؗ— وَّاتَّبِعْ سَبِیْلَ مَنْ اَنَابَ اِلَیَّ ۚ— ثُمَّ اِلَیَّ مَرْجِعُكُمْ فَاُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟

ඔබට කවර දෙයක් ගැන දැනුම නැත්තේ ද එවන් දෑ මට ආදේශ කිරීමට ඔවුන් දෙදෙනා ඔබට උත්සාහ දැරුවේ නම් එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නො වනු. තවද මෙලොවෙහි යහපත් අයුරින් ඔවුන් දෙදෙනා සමඟ මිත්‍රශීලීව කටයුතු කරනු. තවද මා වෙත යොමුවූවන්ගේ මාර්ගය ඔබ අනුගමනය කරනු. පසුව නුඹලාගේ නැවත හැරී එන ස්ථානය ඇත්තේ මා වෙත ය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව මම නුඹලාට දන්වමි. info
التفاسير:

external-link copy
16 : 31

یٰبُنَیَّ اِنَّهَاۤ اِنْ تَكُ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ فَتَكُنْ فِیْ صَخْرَةٍ اَوْ فِی السَّمٰوٰتِ اَوْ فِی الْاَرْضِ یَاْتِ بِهَا اللّٰهُ ؕ— اِنَّ اللّٰهَ لَطِیْفٌ خَبِیْرٌ ۟

අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන් ම අබ ඇටයක තරම් ප්‍රමාණකින් යමක් වී එය කළු ගලක් තුළ හෝ අහස් තුළ හෝ මහපොළොව තුළ හෝ තිබුණ ද අල්ලාහ් එය ගෙන එනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සියුම් ඥානය ඇත්තා ය; අභිඥාන වන්ත ය. info
التفاسير:

external-link copy
17 : 31

یٰبُنَیَّ اَقِمِ الصَّلٰوةَ وَاْمُرْ بِالْمَعْرُوْفِ وَانْهَ عَنِ الْمُنْكَرِ وَاصْبِرْ عَلٰی مَاۤ اَصَابَكَ ؕ— اِنَّ ذٰلِكَ مِنْ عَزْمِ الْاُمُوْرِ ۟ۚ

මාගේ පුතණුවනි! ඔබ සලාතය විධිමත්ව ඉටු කරනු. තවද යහපත් දෑ අණ කරනු. තවද පිළිකුල් සහගත දැයින් වළක්වනු. ඔබට හට ගත් දෑ මත ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන් ම එය අධිෂ්ඨාන පූර්වක කරුණු අතරින් වූවකි. info
التفاسير:

external-link copy
18 : 31

وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِی الْاَرْضِ مَرَحًا ؕ— اِنَّ اللّٰهَ لَا یُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُوْرٍ ۟ۚ

(උඬඟුකමින්) ඔබේ කම්මුල මිනිසුන්ගෙන් නො හරවනු. තවද මහපොළොවේ අහංකාරයෙන් ගමන් නො කරනු. උඩඟු ලීලාවෙන්, උද්දච්චකමින් ගමන් කරන සෑම කෙනෙකුවම නියත වශයෙන් ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත. info
التفاسير:

external-link copy
19 : 31

وَاقْصِدْ فِیْ مَشْیِكَ وَاغْضُضْ مِنْ صَوْتِكَ ؕ— اِنَّ اَنْكَرَ الْاَصْوَاتِ لَصَوْتُ الْحَمِیْرِ ۟۠

තවද ඔබේ ගමනෙහි නිහතමානී වනු. තවද ඔබේ හඬ පහත් කරනු. නියත වශයෙන් ම හඬ අතරින් වඩාත් පිළිකුල් සහගත (හඬ) වනුයේ බූරුවාගේ හඬ ය. info
التفاسير: