আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ

අල් කසස්

external-link copy
1 : 28

طٰسٓمّٓ ۟

තා, සීන්, මීම්. info
التفاسير:

external-link copy
2 : 28

تِلْكَ اٰیٰتُ الْكِتٰبِ الْمُبِیْنِ ۟

ඒවා පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ වදන් වෙති. info
التفاسير:

external-link copy
3 : 28

نَتْلُوْا عَلَیْكَ مِنْ نَّبَاِ مُوْسٰی وَفِرْعَوْنَ بِالْحَقِّ لِقَوْمٍ یُّؤْمِنُوْنَ ۟

දේවත්වය විශ්වාස කරන ජනයා සඳහා මූසාගේ හා ෆිර්අවුන්ගේ පුවත සැබෑ ලෙසින් අපි ඔබ වෙත කියවා පෙන්වමු. info
التفاسير:

external-link copy
4 : 28

اِنَّ فِرْعَوْنَ عَلَا فِی الْاَرْضِ وَجَعَلَ اَهْلَهَا شِیَعًا یَّسْتَضْعِفُ طَآىِٕفَةً مِّنْهُمْ یُذَبِّحُ اَبْنَآءَهُمْ وَیَسْتَحْیٖ نِسَآءَهُمْ ؕ— اِنَّهٗ كَانَ مِنَ الْمُفْسِدِیْنَ ۟

නියත වශයෙන් ම ෆිර්අවුන් මහපොළොවේ අබිබවා ගියේ ය. තවද ඔහු එහි වැසියන් කණ්ඩායම්වලට බෙදා ඔවුන් අතරින් පිරිසක් දුර්වල කොට ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා ඔවුන්ගේ ගැහැනු දරුවන් ජීවත් කරවී ය. නියත වශයෙන් ම ඔහු කලහකාරීන් අතරින් කෙනෙකු විය. info
التفاسير:

external-link copy
5 : 28

وَنُرِیْدُ اَنْ نَّمُنَّ عَلَی الَّذِیْنَ اسْتُضْعِفُوْا فِی الْاَرْضِ وَنَجْعَلَهُمْ اَىِٕمَّةً وَّنَجْعَلَهُمُ الْوٰرِثِیْنَ ۟ۙ

තවද මහපොළොවේ දුර්වලයින් බවට පත් කරනු ලැබූවන්හට උපකාර කිරීමටත් ඔවුන් නායකයින් බවට පත් කිරීමටත් ඔවුන් උරුමක්කරුවන් බවට පත් කිරීමටත් අපි අපේක්ෂා කළෙමු. info
التفاسير: