اَلَمْ یَرَوْا كَمْ اَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِّنْ قَرْنٍ مَّكَّنّٰهُمْ فِی الْاَرْضِ مَا لَمْ نُمَكِّنْ لَّكُمْ وَاَرْسَلْنَا السَّمَآءَ عَلَیْهِمْ مِّدْرَارًا ۪— وَّجَعَلْنَا الْاَنْهٰرَ تَجْرِیْ مِنْ تَحْتِهِمْ فَاَهْلَكْنٰهُمْ بِذُنُوْبِهِمْ وَاَنْشَاْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا اٰخَرِیْنَ ۟
අපරාධකාරී සමූහයා විනාශ කිරීමේ අල්ලාහ්ගේ පිළිවෙත මෙම දේව ප්රතික්ෂේපකයෝ නොදන්නෝද? මෙම ප්රතික්ෂේපකයින් වෙත දෙනු නොලැබූ අයුරින් ඔවුනට පෙර සිටි බොහෝ සමූහයන් වෙත මහපොළොවේ වාසය කිරීමටත් පාලන කිරීමටත් අවශ්ය සාධක අල්ලාහ් පිරිනමා තිබුණ ද ඔවුන්ගේ වැරදි හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන් වෙත විටින් විට වර්ෂාව ඇද හැළෙන්නට සලස්වා ඔවුන්ගේ නවාතැන් වලට පහළින් ගංගා ගලා යන්නට සැලස් වීය. නමුත් ඔවුහු අල්ලාහ්ට පිටුපෑහ. ඔවුන් සිදු කළ වැරද්ද හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන්ගෙන් පසු වෙනත් සමූහයන් ඔහු බිහි කළේය.
التفاسير: