ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم

external-link copy
6 : 49

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِنْ جَآءَكُمْ فَاسِقٌ بِنَبَاٍ فَتَبَیَّنُوْۤا اَنْ تُصِیْبُوْا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوْا عَلٰی مَا فَعَلْتُمْ نٰدِمِیْنَ ۟

අල්ලාහ්ව විශ්වාස කොට; ඔහු ආගමානුගත කළ දෑට අනුව ක්රියා කළවුනි! යම් පිරිසක් පිළිබඳ තොරතුරක් රැගෙන දුෂ්ඨයකු නුඹලා වෙත පැමිණියේ නම් ඔහුගේ තොරතුරෙහි නිවැරදි භාවය ගැන තහවුරු කර ගනු. කිසිදු සනාත කිරීමකින් තොර ව ඔහුගේ තොරතුර නුඹලා සත්ය බව පිළිගත් විට එම පිරිස පිළිබඳ යථාර්ථය නොදැනුවත්ව නුඹලා විසින් වරදක් එම සමූූූූූහයට සිදු විය හැකි බැවින් ඔහුව එකවර පිළිගැනීමට ඉක්මන් නොවනු. එවිට නුඹලා විසින් ඔවුනට යම් අභාග්යයක් සිදු වීමෙන් පසු ඔහුගේ තොරතුර බොරු බවට නුඹලාට පැහැදිලි වූ විට පසුතැවිලි වන්නන් බවට නුඹලා පත්වනු ඇත. info
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• وجوب التثبت من صحة الأخبار، خاصة التي ينقلها من يُتَّهم بالفسق.
•තොරතුරුවල නිරවද්යතාව සහතික කර ගැනීම අනිවාර්යය වන්නේය. විශේෂයෙන් දුෂ්ටකම් ඇත්තෙකු යැයි සැක කෙරෙන කෙනෙකු දන්වා සිටින තොරතුරු ස්ථීර කර ගත යුතු වේ. info

• وجوب الإصلاح بين من يتقاتل من المسلمين، ومشروعية قتال الطائفة التي تصر على الاعتداء وترفض الصلح.
•මුස්ලිම්වරුන් අතරින් එකිනෙකා ගැටලු ඇති කරගන්නා පිරිස් අතර සමාදානය ඇති කිරීම අනිවාර්යය වන්නේය. එමෙන්ම සතුරුකමෙහි නිරතව සමාදානය ප්රතික්ෂේප කරන පිරිස සමග සටන් කිරීම ආගමානුගත කර ඇත්තකි. info

• من حقوق الأخوة الإيمانية: الصلح بين المتنازعين والبعد عما يجرح المشاعر من السخرية والعيب والتنابز بالألقاب.
•ගැටලු ඇතිකරගත් පිරිස් අතර සමාදානය ඇති කිරීම; අපහාස කිරීම, දොස් නැගීම, පටබැදි නම්වලින් ආමන්ත්රණය කිරීම වැනි හැඟීම් තුවාල කරන ක්රියාදාමයන්ගෙන් දුරස් වීම දේව විශ්වාසයේ සහෝදරයින්ගේ වගකීම් වන්නේය. info