وَاَلْقِ عَصَاكَ ؕ— فَلَمَّا رَاٰهَا تَهْتَزُّ كَاَنَّهَا جَآنٌّ وَّلّٰی مُدْبِرًا وَّلَمْ یُعَقِّبْ ؕ— یٰمُوْسٰی لَا تَخَفْ ۫— اِنِّیْ لَا یَخَافُ لَدَیَّ الْمُرْسَلُوْنَ ۟ۗۖ
"ඔබේ සැරයටිය හෙළනු." එවිට මූසා එලෙස පිළිපැද්දේය. මූසා තුමා එය සර්පයකු මෙන් සෙල වී දඟලනු දුටු කල්හි එයින් පසු පසට හැරී දිව ගියේය. නැවත ඒ වෙත නොපැමිණියේය. එවිට අල්ලාහ් ඔහු අමතා, "නුඹ එයට බිය නොවනු. මා අබියස සිටින දූතවරු සර්පයකුට හෝ ඒ හැර වෙනත් දෑ ට හෝ බියවන්නේ නැත." යැයි පැවසීය.
التفاسير: