وَلْیَسْتَعْفِفِ الَّذِیْنَ لَا یَجِدُوْنَ نِكَاحًا حَتّٰی یُغْنِیَهُمُ اللّٰهُ مِنْ فَضْلِهٖ ؕ— وَالَّذِیْنَ یَبْتَغُوْنَ الْكِتٰبَ مِمَّا مَلَكَتْ اَیْمَانُكُمْ فَكَاتِبُوْهُمْ اِنْ عَلِمْتُمْ فِیْهِمْ خَیْرًا ۖۗ— وَّاٰتُوْهُمْ مِّنْ مَّالِ اللّٰهِ الَّذِیْۤ اٰتٰىكُمْ ؕ— وَلَا تُكْرِهُوْا فَتَیٰتِكُمْ عَلَی الْبِغَآءِ اِنْ اَرَدْنَ تَحَصُّنًا لِّتَبْتَغُوْا عَرَضَ الْحَیٰوةِ الدُّنْیَا ؕ— وَمَنْ یُّكْرِهْهُّنَّ فَاِنَّ اللّٰهَ مِنْ بَعْدِ اِكْرَاهِهِنَّ غَفُوْرٌ رَّحِیْمٌ ۟
දිළිඳුභාවය හේතුවෙන් විවාහ වීමට නොහැකි උදවිය, අල්ලාහ් ඔහුගේ මහත් භාග්යයෙන් ඔවුන් පොහොසත් කරන තෙක් කාමයේ වරදවා හැසිරීමෙන් ඈත් වී නිර්මලව සිටිය යුතුය. මුදල් ගෙවා වහල්බවින් නිදහස් වීමට තම හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නන් වනාහි, ඔවුන් දහම තුළ කටයුතු කිරීමට හා දැහැමි ලෙස ක්රියා කිරීමට ඔවුන් තුළ හැකියාව ඇති බව දන්නේ නම් ඔවුන්ගෙන් එම ඉල්ලීම පිළිගැනීම ඔවුන්ගේ හිමිකරුවන් වෙත පැවරේ. එමෙන්ම ඔවුන් නිදහස් කිරීම සඳහා නියම කරන ලද මුදලින් කොටසක් ඔවුන්ගෙන් ඉවත් කර අල්ලාහ් ඔවුනට ලබා දුන් ධනයෙන් ඔවුනට පිරිනැමිය යුතුය. - අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි තම වහලියන් දෙදෙනා පතිවත ආරක්ෂා කිරීමටත් දුරාචාරයෙන් දුරස් වීමටත් ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු කටයුතු කළාක් මෙන් - ධන සම්පත් සොයමින් කාමයේ වරදවා හැසිරීම සඳහා නුඹලා අතර සිටින අවිවාහක තරුණියන් ඔවුන්ගේ රහස්ය අවයව තුළින් උපයන මුදල් සෙවීම සඳහා ඔවුනට බල නොකරනු. නුඹලා අතරින් කවරෙකු ඒ සඳහා එම තරුණියන්ට බල කරන්නේ ද එසේ බල කිරීමෙන් පසු එම තරුණියන්ගේ පාපකම් සඳහා සැබැවින්ම අල්ලාහ් ඔවුනට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය. එය සැබැවින්ම ඔවුන් බලහත්කාරයට ලක්වූවන් බැවිණි. පාපය ළඟා වනුයේ ඔවුන් බල කළ තැනැත්තන් හටය.
التفاسير: