ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم

سورة الناس - අන් නාස්

من مقاصد السورة:
الحث على الاستعاذة بالله من شر الشيطان ووسوسته.
ෂෙයිතාන්ගේ හානියෙන්, ඔහු ඇති කරවන කුකුසෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීමට උනන්දු කරවීම. info

external-link copy
1 : 114

قُلْ اَعُوْذُ بِرَبِّ النَّاسِ ۟ۙ

අහෝ දූතය! ඔබ පවසන්න මම මිනිසුන්ගේ පරමාධිපතියාණන් වෙත ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි. info
التفاسير:

external-link copy
2 : 114

مَلِكِ النَّاسِ ۟ۙ

ඔහු මිනිසුන්ගේ රජුය. ඔහු කැමති දේ ඔවුන් අතර ක්රියාත්මක කරවයි. ඔහු හැර වෙනත් කිසිදු හිමිකරුවකු ඔවුනට නොමැත. info
التفاسير:

external-link copy
3 : 114

اِلٰهِ النَّاسِ ۟ۙ

ඔවුන් විසින් සැබෑ ලෙස නැමදුමට ලක් විය යුත්තාය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලැබිය යුතු වෙනත් කිසිවකු ඔවුනට නොමැත. info
التفاسير:

external-link copy
4 : 114

مِنْ شَرِّ الْوَسْوَاسِ ۙ۬— الْخَنَّاسِ ۟ۙ

මිනිසා අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් නොසළකා හැරුණු විට ඔහු තුළට කුකුස් හෙළන ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව පතමි. මිනිසා අල්ලාහ්ව මෙනෙහි කළ විට ඔහු ආපස්සට යනු ඇත. info
التفاسير:

external-link copy
5 : 114

الَّذِیْ یُوَسْوِسُ فِیْ صُدُوْرِ النَّاسِ ۟ۙ

ඔහු මිනිසාගේ හදවත් වෙත ඔහුගේ කුකුස් හෙළයි. info
التفاسير:

external-link copy
6 : 114

مِنَ الْجِنَّةِ وَالنَّاسِ ۟۠

ඔහු ජින්නුන් අතර මෙන්ම මිනිසුන් අතරද වෙති. info
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• إثبات صفات الكمال لله، ونفي صفات النقص عنه.
• සියලු පූර්ණ ගුණාංග අල්ලාහ් සතු බවටත් අඩුපාඩු සහිත ගුණාංග ඔහුට නැති බවටත් තහවුරු කිරීම. info

• ثبوت السحر، ووسيلة العلاج منه.
• හූනියම්වල බලපෑම් ඇති බව තහවුරු කිරීම හා එහි ප්රතිකාරය අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිය යුතු යැයි අවධාරණය කිරීම. info

• علاج الوسوسة يكون بذكر الله والتعوذ من الشيطان.
• කුකුසට ප්රතිකාරය අල්ලාහ්ව මෙනෙහි කිරීමත් ෂෙයිතාන් ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමත්ය. info