ثَمٰنِیَةَ اَزْوَاجٍ ۚ— مِنَ الضَّاْنِ اثْنَیْنِ وَمِنَ الْمَعْزِ اثْنَیْنِ ؕ— قُلْ ءٰٓالذَّكَرَیْنِ حَرَّمَ اَمِ الْاُنْثَیَیْنِ اَمَّا اشْتَمَلَتْ عَلَیْهِ اَرْحَامُ الْاُنْثَیَیْنِ ؕ— نَبِّـُٔوْنِیْ بِعِلْمٍ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟ۙ
(ආහාරයට අනුමත සතුන් අතරින්) වර්ග අටක් ඇත. බැටළුවාගෙන් (ගැහැනු පිරිමි යන) දෙදෙනෙක් ද එළුවාගෙන් දෙදෙනෙක් ද වෙති. (මේවායින්) ඔහු තහනම් කර ඇත්තේ පිරිමි සතුන් දෙදෙනා ද? නැතහොත් ගැහැනු සතුන් දෙදෙනා ද? එසේ නැතහොත් ගැහැනු සතුන්ගේ ගැබ් තුළ ඇති දෑ ද? නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් ඥානාන්විත ව මට (මේ ගැන) දන්වා සිටින්නැයි නුඹ පවසනු.
التفاسير: