ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية - مركز رواد الترجمة

رقم الصفحة:close

external-link copy
238 : 2

حٰفِظُوْا عَلَی الصَّلَوٰتِ وَالصَّلٰوةِ الْوُسْطٰی ۗ— وَقُوْمُوْا لِلّٰهِ قٰنِتِیْنَ ۟

සලාතයන් හා මධ්‍යකාල සලාතය මත සුරක්ෂිතව රැඳී සිටිනු. තවද නුඹලා අල්ලාහ්ට යටහත් වූවන් ලෙස නැගී සිටිනු. info
التفاسير:

external-link copy
239 : 2

فَاِنْ خِفْتُمْ فَرِجَالًا اَوْ رُكْبَانًا ۚ— فَاِذَاۤ اَمِنْتُمْ فَاذْكُرُوا اللّٰهَ كَمَا عَلَّمَكُمْ مَّا لَمْ تَكُوْنُوْا تَعْلَمُوْنَ ۟

නුඹලා බිය වෙතොත් පා ගමනින් හෝ වාහනිකව හෝ (සලාතය ඉටු) කළ යුතු ය. පසුව නුඹලා සුරක්ෂිත වූයෙහු නම් නුඹලා නොදැන සිටි දෑ නුඹලාට අල්ලාහ් ඉගැන් වූවාක් මෙන් ඔහුව නුඹලා මෙනෙහි කරනු. info
التفاسير:

external-link copy
240 : 2

وَالَّذِیْنَ یُتَوَفَّوْنَ مِنْكُمْ وَیَذَرُوْنَ اَزْوَاجًا ۖۚ— وَّصِیَّةً لِّاَزْوَاجِهِمْ مَّتَاعًا اِلَی الْحَوْلِ غَیْرَ اِخْرَاجٍ ۚ— فَاِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَیْكُمْ فِیْ مَا فَعَلْنَ فِیْۤ اَنْفُسِهِنَّ مِنْ مَّعْرُوْفٍ ؕ— وَاللّٰهُ عَزِیْزٌ حَكِیْمٌ ۟

නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් තම බිරියන්ට වසරක් දක්වා (නිවසින්) ඔවුන් පිටුවහල් කිරීමකින් තොරව (ආහාර ඇඳුම් යනාදිය) භුක්ති විඳීමට හැකි වන පරිදි අන්තිම කැමැත්ත ප්‍රකාශ කළ යුතු ය. එහෙත් ඔවුන් බැහැරව ගොස් ඔවුන් සම්බන්ධයෙන් ඔවුන් යහපත් අන්දමින් යමක් සිදු කර ගත්තේ නම් ඒ පිළිබඳව නුඹලා කෙරෙහි වරදක් නැත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; අභිඥානවන්ත ය. info
التفاسير:

external-link copy
241 : 2

وَلِلْمُطَلَّقٰتِ مَتَاعٌ بِالْمَعْرُوْفِ ؕ— حَقًّا عَلَی الْمُتَّقِیْنَ ۟

දික්කසාද කරනු ලැබූ කාන්තාවන්ට (දික්කසාද කළ අය විසින්) නඩත්තු වියදම් ලබා දිය යුතු වේ. එය බැතිමතුන් කෙරෙහි වූ වගකීමකි. info
التفاسير:

external-link copy
242 : 2

كَذٰلِكَ یُبَیِّنُ اللّٰهُ لَكُمْ اٰیٰتِهٖ لَعَلَّكُمْ تَعْقِلُوْنَ ۟۠

නුඹලාට වටහා ගත හැකි වනු පිණිස අල්ලාහ් ඔහුගේ වදන් නුඹලාට පැහැදිලි කරනුයේ එලෙස ය. info
التفاسير:

external-link copy
243 : 2

اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ خَرَجُوْا مِنْ دِیَارِهِمْ وَهُمْ اُلُوْفٌ حَذَرَ الْمَوْتِ ۪— فَقَالَ لَهُمُ اللّٰهُ مُوْتُوْا ۫— ثُمَّ اَحْیَاهُمْ ؕ— اِنَّ اللّٰهَ لَذُوْ فَضْلٍ عَلَی النَّاسِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَشْكُرُوْنَ ۟

ඔවුන් දහස් ගණනින් සිටිය දී මරණයට බියෙන් තම නිවෙස්වලින් බැහැරව ගියවුන් දෙස නුඹ නො බැලුවෙහි ද? එවිට ‘නුඹලා මිය යනු’ යැයි අල්ලාහ් ඔවුනට පැවසුවේ ය. පසුව ඔහු ඔවුනට යළි ජීවය දුන්නේ ය. නියත වශයෙන් ම අල්ලාහ් ජනයා වෙත භාග්‍ය සම්පන්නයා ය. එහෙත් ජනයාගෙන් බහුතරය කෘතවේදී නො වෙති. info
التفاسير:

external-link copy
244 : 2

وَقَاتِلُوْا فِیْ سَبِیْلِ اللّٰهِ وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ سَمِیْعٌ عَلِیْمٌ ۟

අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් වදිනු. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක, සර්ව ඥානී බව නුඹලා දැන ගනු. info
التفاسير:

external-link copy
245 : 2

مَنْ ذَا الَّذِیْ یُقْرِضُ اللّٰهَ قَرْضًا حَسَنًا فَیُضٰعِفَهٗ لَهٗۤ اَضْعَافًا كَثِیْرَةً ؕ— وَاللّٰهُ یَقْبِضُ وَیَبْصُۜطُ ۪— وَاِلَیْهِ تُرْجَعُوْنَ ۟

කවරෙකු අල්ලාහ්ට අලංකාර ණයක් දෙන්නෙකු වන්නේ ද එවිට ඔහු එය ඔහුට අධික වශයෙන් ගුණ කර දෙයි. තවද අල්ලාහ් (එය) හකුළයි. තවද දිගු හරියි. තවද ඔහු වෙත ම නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහු ය. info
التفاسير: