قَالُوْا یٰلُوْطُ اِنَّا رُسُلُ رَبِّكَ لَنْ یَّصِلُوْۤا اِلَیْكَ فَاَسْرِ بِاَهْلِكَ بِقِطْعٍ مِّنَ الَّیْلِ وَلَا یَلْتَفِتْ مِنْكُمْ اَحَدٌ اِلَّا امْرَاَتَكَ ؕ— اِنَّهٗ مُصِیْبُهَا مَاۤ اَصَابَهُمْ ؕ— اِنَّ مَوْعِدَهُمُ الصُّبْحُ ؕ— اَلَیْسَ الصُّبْحُ بِقَرِیْبٍ ۟
“අහෝ ලූත්! සැබැවින් ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතයෝ වෙමු. නුඹ වෙත ඔවුන් කිසිවිටක ළඟා නො වන්නෝ ම ය. එබැවින් රාත්‍රියේ කොටසක නුඹගේ පවුල රැගෙන රහසිගතව පිටත්ව යනු. නුඹලා අතරින් කිසිවකු හැරී නො බැලිය යුතු ය. නුඹගේ බිරිය හැර. ඔවුනට අත්වන දෑ නියත වශයෙන් ම ඇයට ද අත්වනු ඇත. නියත වශයෙන් ම ඔවුන්ගේ ප්‍රතිඥත කාලය අලුයම් කාලයයි. අලුයම් කාලය සමීපව නො වේ ද?” යැයි ඔවුහු පැවසූහ.
التفاسير: