《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
53 : 7

هَلْ یَنْظُرُوْنَ اِلَّا تَاْوِیْلَهٗ ؕ— یَوْمَ یَاْتِیْ تَاْوِیْلُهٗ یَقُوْلُ الَّذِیْنَ نَسُوْهُ مِنْ قَبْلُ قَدْ جَآءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ ۚ— فَهَلْ لَّنَا مِنْ شُفَعَآءَ فَیَشْفَعُوْا لَنَاۤ اَوْ نُرَدُّ فَنَعْمَلَ غَیْرَ الَّذِیْ كُنَّا نَعْمَلُ ؕ— قَدْ خَسِرُوْۤا اَنْفُسَهُمْ وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا یَفْتَرُوْنَ ۟۠

මතු ලොවෙහි ඔවුන්ගේ විෂයය කවර කරුණක් වෙත යොමු කරනු ලබන්නේද එම වේදනීය දඬුවම සිදු වන බවට දැනුම් දෙනු ලැබූ දෑ ඔවුනට සිදුවීම මිස දේව ප්රතික්ෂේපකයෝ වෙනෙකක් බලාපොරොත්තු නොවෙති. කවර දෙයක් පිළිබඳ ඔවුනට දැනුම් දෙනු ලැබුවේද එය හා දෙවියන් විශ්වාස කරන්නන්හට කවර කුසලක් පිළිබඳ දැනුම් දෙනු ලැබුවේද එය ද පැමිණෙනු ඇත. මෙලොවෙහි අල් කුර්ආනය අමතක කොට එහි ඇති දෑ අනුව ක්රියා නොකළවුන්: "අපගේ පරමාධිපතිගේ දූතවරුන් කිසිදු සැකයක් නැති සත්යය සමග පැමිණියහ. සැබැවින්ම එය අල්ලාහ් වෙතින් බවට කිසිදු සැකයක් නැත. දඬුවමින් සැනසුම ලබා දෙනු පිණිස අල්ලාහ් ඉදිරියේ අප වෙනුවෙන් මැදිහත් ව කතා කරන මැදිහත්කරුවන් නොමැත්තේද? එසේත් නැතහොත් අප දැහැමි ක්රියාවන් කරනු වස් නැවතත් මෙලොව ජීවිතය වෙත යොමු කරනු ලැබිය යුතු නොවේද? අප කළ නපුරුකම් වෙනුවට දැහැමි කටයුතු කරන්නට පුළුවන. නමුත් දෙවියන් ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුනට අත් වූ විනාශයෙන් ඔවුන් පරාජයට පත් වූහ. අල්ලාහ් හැර ඔවුන් කවර දෑට නැමදුම් කරමින් සිටියේද ඒවා ඔවුන්ගෙන් සැඟ වී ගොස් ඇත. ඔවුන් ඔවුනට කිසිදු සෙතක් සැලසුවේ නැත. info
التفاسير:
这业中每段经文的优越:
• القرآن الكريم كتاب هداية فيه تفصيل ما تحتاج إليه البشرية، رحمة من الله وهداية لمن أقبل عليه بقلب صادق.
ශුද්ධ වූ අල් කුර්ආනය මාර්ගෝපදේශයකි. මිනිස් වර්ගයාට අවශ්ය සියලු දෑ එහි විස්තර කර ඇත. එය අල්ලාහ්ගෙන් වූ ආශිර්වාදයක් මෙන්ම හෘද සාක්ෂියට එකඟ ව ඒ වෙත යොමුවන්නන්හට මඟ පෙන්වන්නකි. info

• خلق الله السماوات والأرض في ستة أيام لحكمة أرادها سبحانه، ولو شاء لقال لها: كوني فكانت.
අල්ලාහ් අපේක්ෂා කළ යම් ප්රඥාවක් සඳහා අහස් හා මහපොළොව දින සයක් තුළ ඔහු මැව්වේය. අල්ලාහ් අභිමත කළේ නම් එයට "වනු" යැයි පවසා තිබුණ ද එය සිදුවී තිබේ. info

• يتعين على المؤمنين دعاء الله تعالى بكل خشوع وتضرع حتى يستجيب لهم بفضله.
බියෙන් හා බැතියෙන් බැගෑපත් ව අල්ලාහ්ගෙන් අයදින ප්රාර්ථනාවන් ඔහුගේ මහිමයෙන් ඔහු ව විශ්වාස කරන්නන්හට පිළිතුරු දෙනු ලබන්නක් බවට පත් වේ. info

• الفساد في الأرض بكل صوره وأشكاله منهيٌّ عنه.
සියලුම ආකාරයන්ගෙන් හා ස්වරූපයන්ගෙන් මහපොළොවේ සිදු කරනු ලබන කලහකාරීකම් තහනම් කරනු ලැබ ඇත. info