《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
48 : 6

وَمَا نُرْسِلُ الْمُرْسَلِیْنَ اِلَّا مُبَشِّرِیْنَ وَمُنْذِرِیْنَ ۚ— فَمَنْ اٰمَنَ وَاَصْلَحَ فَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟

දෙවියන් විශ්වාස කරන, ඔහුට අවනත වන ජනයාට කිසිදු කප්පාදුවකින් හෝ විසන්ධි කිරීමකින් තොරව ඔවුන් සතුටු වන සදා සැප පහසුකම් පිළිබඳ ශුභාරංචි දන්වා සිටීමටත්, දෙවියන් ප්රතික්ෂේප කරන ඔහුට පිටුපාන ජනයාට අපගේ දැඩි දඬුවම ඇතැයි ඔවුන් බිය ගැන්වීමටත් මිස අපගේ දූතවරුන් අපි නොඑව්වෙමු. එබැවින් ඔවුන් එම රසූල්වරුන් විශ්වාස කළ යුතුය. තම ක්රියාවන් විධිමත් කළ යුතුය. ඔවුන් මතු ලොවෙහි මුහුණ දෙන දෑ පිළිබඳ ඔවුනට කිසිදු බියක් නැත. ඔවුන් දුකට පත්වන්නේද නැත. මෙලොව ඔවුනට අහිමි වූ කොටස් පිළිබඳ ඔවුන් පසුතැවෙන්නේ ද නැත. info
التفاسير:
这业中每段经文的优越:
• الأنبياء بشر، ليس لهم من خصائص الربوبية شيء البتة، ومهمَّتهم التبليغ، فهم لا يملكون تصرفًا في الكون، فلا يعلمون الغيب، ولا يملكون خزائن رزق ونحو ذلك.
•නබිවරුන්ද මිනිසුන් වෙති. කිසිවිටෙකත් මැවුම්කරුගේ දේවත්වයට කිසිදු සුවිශේෂී පාලන බලතල ඔවුනට නොවීය. ඔවුන්ගේ වැදගත් කාර්යභාරය වූයේ දේව නිවේදනය ජනයාට දැන්වීමයි. ලොවෙහි කටයුතු ක්රියාත්මක කිරීමේ කිසිදු අයිතියක් ඔවුනට නොවීය. ගුප්ත දෑ පිළිබඳ දැනුම ද ඔවුනට නොවීය. ආහාර පෝෂණයන්හි භාණ්ඩාගාරය හා එවැනි වෙනත් සම්පත් ඔවුන් සතු නොවීය. info

• اهتمام الداعية بأتباعه وخاصة أولئك الضعفاء الذين لا يبتغون سوى الحق، فعليه أن يقرِّبهم، ولا يقبل أن يبعدهم إرضاء للكفار.
• ඇරයුම් කරන්නා, ඔහුගේ අනුගාමිකයින් පිළිබඳ සැලකිලිමත් වීම. විශේෂයෙන් සත්ය මිස වෙනකක් නොසොයන අසරණයින් හට වැදගත්කමක් දිය යුතු වේ. ඔවුන් සමීප කර ගැනීමය ඔහුගේ වගකීම වන්නේ. එමෙන් ම දේවත්වය ප්රතික්ෂේප කරන ජනයා තෘප්තියට පත් කිරීම පිණිස ඔවුන් දුරස් කිරීම වලංගු නොවේ. info

• إشارة الآية إلى أهمية العبادات التي تقع أول النهار وآخره.
•දහවල් ආරම්භයේ හා එහි අවසානයේ පිහිටන නැමදුම් වල වැදගත්කම මෙම වැකිය පෙන්වා දෙන්නේය. info