《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
7 : 59

مَاۤ اَفَآءَ اللّٰهُ عَلٰی رَسُوْلِهٖ مِنْ اَهْلِ الْقُرٰی فَلِلّٰهِ وَلِلرَّسُوْلِ وَلِذِی الْقُرْبٰی وَالْیَتٰمٰی وَالْمَسٰكِیْنِ وَابْنِ السَّبِیْلِ ۙ— كَیْ لَا یَكُوْنَ دُوْلَةً بَیْنَ الْاَغْنِیَآءِ مِنْكُمْ ؕ— وَمَاۤ اٰتٰىكُمُ الرَّسُوْلُ فَخُذُوْهُ ۚ— وَمَا نَهٰىكُمْ عَنْهُ فَانْتَهُوْا ۚ— وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟ۘ

කිසිදු යුද්ධයකින් තොරව අල්ලාහ් තම ධර්ම දූතයාණන් වෙත ආශිර්වාද කළ එම ගම්වාසීන්ගේ සම්පත් අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන අයට එය නියම කරයි. එමෙන්ම එහි අයිතිය දූතයාණන්ට හා සදකා නොහොත් දානමාන ගැනීමෙන් වළක්වනු ලැබූ එතුමාණන්ගේ සමීප ඥාතීන් වූ බනූ හාෂිම්, බනූ මුත්තලිබ්වරුන්ට, එයට ප්රතිකර්මයක් ලෙස ඔවුනට ද හිමිය. තවද ආනථයින්ට, දිළිඳුන්ට හා ජීවන වියදම් අහිමි වූ අතරමං වූවන්ට ද ඇත. එය එම ධනය දිළිඳුන් හැර දමා, පොහොසතුන් අතර පමණක් ගැවසීම සීමා නොකරනු පිණිසය. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුවෙන්, දූතයාණන් නුඹලා වෙත කවර දෙයක් පිරිනැමුවේ ද එය ගනු. කවර දෙයක් තහනම් කළේ ද එයින් වැළකී සිටිනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. සැබැවින්ම දඬුවම් දීමෙහි අල්ලාහ් ඉතා බලවත්ය. එහෙයින් ඔහුගේ දඬුවමින් ප්රවේසම් වනු. info
التفاسير:
这业中每段经文的优越:
• فعل ما يُظنُّ أنه مفسدة لتحقيق مصلحة عظمى لا يدخل في باب الفساد في الأرض.
•වඩාත් යහපත් කරුණක් තහවුරු කරනු පිණිස සැබැවින්ම කලහකාරී යැයි සිතන ක්රියාවක් සිදු කිරීම, මහපොළොවේ කලහකාරීව හැසිරීම යන විෂය පථය තුළට ඇතුළත් නොවෙයි. info

• من محاسن الإسلام مراعاة ذي الحاجة للمال، فَصَرَفَ الفيء لهم دون الأغنياء المكتفين بما عندهم.
•ධනය අවශ්යතා ඇත්තන් ගැන සැළකිලිමත් වීමේ ඉස්ලාමයේ අලංකාරය. ප්රමාණවත් තරමට ධනය ඇති පොහොසතුන් හට පමණක් යුද්ධයෙන් අත්පත් කර ගත් සම්පත් බෙදා නොහැර, (අවශ්ය ඇති) ඔවුනට බෙදා හැරීම. info

• الإيثار منقبة عظيمة من مناقب الإسلام ظهرت في الأنصار أحسن ظهور.
•පරාර්ථකාමිත්වය යනු ඉස්ලාමයේ ගුණධර්ම අතරින් මහඟු ගුණධර්මයකි. එය වඩාත් අලංකාර ලෙස අන්සාර්වරුන් -මදීනාවාසීන්- අතර ඉස් මතු විය. info