《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
60 : 5

قُلْ هَلْ اُنَبِّئُكُمْ بِشَرٍّ مِّنْ ذٰلِكَ مَثُوْبَةً عِنْدَ اللّٰهِ ؕ— مَنْ لَّعَنَهُ اللّٰهُ وَغَضِبَ عَلَیْهِ وَجَعَلَ مِنْهُمُ الْقِرَدَةَ وَالْخَنَازِیْرَ وَعَبَدَ الطَّاغُوْتَ ؕ— اُولٰٓىِٕكَ شَرٌّ مَّكَانًا وَّاَضَلُّ عَنْ سَوَآءِ السَّبِیْلِ ۟

අහෝ දූතය! ඔවුන් අතරින් වඩාත් අයහපත් හා දැඩි දඬුවමට භාජනය වන්නන් කවුරුන්දැයි ඔබට මා දැනුම් දෙන්නදැයි විමසනු. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරින ලැබූ, ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ කෝපය නියම වූ පහත්ම අය වෙති. ඔවුන්ගේ ස්වරූපය වෙනස් කරමින් වඳුරන් හා සූකරයන් බවට අල්ලාහ් ඔවුන් පත් කළේය. ඔවුන් අතර තාඝූත්ට වන්දනාමාන කළ අය වූහ. තාඝූත් යනු අල්ලාහ් හැර තෘප්තියෙන් යුතු ව නැමදුම් ලබන වෙනත් දෑය. සඳහන් කළ මොවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තරාතිරමෙන් වඩාත් නපුරුම අය වන අතර ඍජු මාර්ගයෙන් මුළා වී ගිය අය වෙති. info
التفاسير:
这业中每段经文的优越:
• ذمُّ العالم على سكوته عن معاصي قومه وعدم بيانه لمنكراتهم وتحذيرهم منها.
•විද්වතා තම සමූහයා පාපයන් කරන විට නිහඬ ව සිටීම ඔවුන් සිදු කරන පිළිකුල් සහගත දෑ ඔහු ඔවුනට පැහැදිලි නොකිරීම හා ඒ පිළිබඳ අවවාද නොකර සිටීම යනාදිය හේතුවෙන් ඔහුට අත්වන අපකීර්තිය. info

• سوء أدب اليهود مع الله تعالى، وذلك لأنهم وصفوه سبحانه بأنه مغلول اليد، حابس للخير.
•අල්ලාහ් සමග කටයුතු කිරීමේදී යුදෙව්වන්ගේ නරක විනය. ඊට හේතුව ඔවුන් සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අත් හකුළුවා ගනිමින් යහපත රඳවාගෙන සිටින්නෙක් යැයි ඔහු පිළිබඳ විස්තර කර සිටින බැවිණි. info

• إثبات صفة اليدين، على وجه يليق بذاته وجلاله وعظيم سلطانه.
•දෑත්හි ස්වභාවය ඔහුගේ පැවැත්මට ඔහුගේ කීර්තියට හා ඔහුගේ බලමහිමයට අනුකූල ව පිහිටා ඇති බව තහවුරු කිරීම. info

• الإشارة لما وقع فيه بعض طوائف اليهود من الشقاق والاختلاف والعداوة بينهم نتيجة لكفرهم وميلهم عن الحق.
•ඇතැම් යුදෙව් පිරිස් අතර ගැටුම් මතභේද හා සතුරුකම් පැවතීමෙන් පෙන්වා දෙනුයේ ඔවුන්ගේ ප්රතික්ෂේපභාවය හා සත්යයෙන් ඉවතට යොමු වීමේ ප්රතිවිපාකයයි. info