《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
31 : 4

اِنْ تَجْتَنِبُوْا كَبَآىِٕرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَیِّاٰتِكُمْ وَنُدْخِلْكُمْ مُّدْخَلًا كَرِیْمًا ۟

අහෝ! දේව විශ්වාසී ජනයිනි, අල්ලාහ්ට ආදේශ තැබීම දෙමාපියන්ට හිංසා කිරීම ජීවිතයක් ඝාතනය කිරීම පොළිය අනුභව කිරීම වැනි මහා පාපකම් වලින් නුඹලා දුරස් වන්නෙහු නම් නුඹලා විසින් සිදුවන කුඩා පාපයන් අපි මකා දමා ඒවා ඉවත් කොට ඒ ගැන නොසලකා හරින්නෙමු. අල්ලාහ් අබියස වූ ගෞරවනීය ස්ථානයට අපි නුඹලා ව ඇතුළත් කරන්නෙමු. එය ස්වර්ගයයි. info
التفاسير:
这业中每段经文的优越:
• سعة رحمة الله بعباده؛ فهو سبحانه يحب التوبة منهم، والتخفيف عنهم، وأما أهل الشهوات فإنما يريدون بهم ضلالًا عن الهدى.
•අල්ලාහ් තම ගැත්තන්හට දක්වන ආශිර්වාදයේ විශාලත්වය. සුවිශුද්ධ වූ ඔහු ඔවුන් පතන පාප ක්ෂමාවට ප්රිය කරන අතරම එය ඔවුන්ගෙන් සැහැල්ලු කිරීමට ප්රිය කරයි. ආශාවන්ට වහල්වූවන් වනාහි ඔවුන් යහමගින් නොමග වෙත යොමු කිරීමට අපේක්ෂා කරයි. info

• حفظت الشريعة حقوق الناس؛ فحرمت الاعتداء على الأنفس والأموال والأعراض، ورتبت أعظم العقوبة على ذلك.
•ෂරීආ හෙවත් ආගමික නීතිරාමු මිනිසාගේ අයිතිවාසිකම් රකියි. එහෙයින් ජීවිත දේපළ හා මානය සම්බන්ධයෙන් ඉක්මවා කටයුතු කිරීම තහනම් කර ඇති අතර ඒ සඳහා මහත් දඬුවම් පනවා ඇත. info

• الابتعاد عن كبائر الذنوب سبب لدخول الجنة ومغفرة للصغائر.
•මහා පාපයන්ගෙන් ඉවත් ව සිටීම ස්වර්ගයට පිවිසීමටත් සුළු පාපයන් සඳහා සමාව ලැබීමටත් හේතු වන්නේය. info

• الرضا بما قسم الله، وترك التطلع لما في يد الناس؛ يُجنِّب المرء الحسد والسخط على قدر الله تعالى.
•අල්ලාහ් වෙන්කර දී ඇති දෑ පිළිගෙන මිනිසුන් සතු ව ඇති දෑ පැතීමෙන් වැළකී සිටීම අල්ලාහ්ගේ නියමය අනුව ඊර්ෂ්යාවෙන් හා ක්රෝධයෙන් මිනිසා වළක්වාලන්නේය. info