《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
153 : 4

یَسْـَٔلُكَ اَهْلُ الْكِتٰبِ اَنْ تُنَزِّلَ عَلَیْهِمْ كِتٰبًا مِّنَ السَّمَآءِ فَقَدْ سَاَلُوْا مُوْسٰۤی اَكْبَرَ مِنْ ذٰلِكَ فَقَالُوْۤا اَرِنَا اللّٰهَ جَهْرَةً فَاَخَذَتْهُمُ الصّٰعِقَةُ بِظُلْمِهِمْ ۚ— ثُمَّ اتَّخَذُوا الْعِجْلَ مِنْ بَعْدِ مَا جَآءَتْهُمُ الْبَیِّنٰتُ فَعَفَوْنَا عَنْ ذٰلِكَ ۚ— وَاٰتَیْنَا مُوْسٰی سُلْطٰنًا مُّبِیْنًا ۟

දූතය, ඔබේ සත්යතාවට සලකුණක් වශයෙන් අහසින් පුස්තකයක් එකවර මූසා තුමාට පහළ කළාක් මෙන් තමන් වෙතත් පුස්තකයක් පහළ කර දෙන ලෙස යුදෙව්වෝ ඔබෙන් විමසති. එය ඔබ වැදගත් කොට නොසලකනු. මොවුන් විමසා සිටින දෑට වඩා බරපතළ දෑ එනම් තම දෑස් ඉදිරිපිට දෙවියන් පෙන්වන්නැයි ඔවුන්ගේ මුතුන් මිත්තෝ මූසාගෙන් ඉල්ලා සිටියහ. ඔවුන් සිදුකළ වරද හේතුවෙන් ඔවුන් විනාශයට පත් වූහ. පසු ව අල්ලාහ් ඔවුන් යළි අවදි කරවීය. අල්ලාහ්ගේ ඒකීයභාවය හා ඔහුගේ ඒකීයත්වයේ හා පාලනයේ ඒකීයභාවය පෙන්වා දෙන පැහැදිලි සංඥා ඔවුන් වෙත පහළ වූවායින් පසු ව පවා ඔවුහු අල්ලාහ් හැර දමා වසු පැටවා වන්දනාමානයට ගත්හ. පසු ව අපි ඔවුනට සමාව දුනිමු. තම ප්රජාවට පැහැදිලි කරනු වස් අපි මූසාට සාධක පිරිනැමුවෙමු. info
التفاسير:
这业中每段经文的优越:
• يجوز للمظلوم أن يتحدث عن ظلمه وظالمه لمن يُرْجى منه أن يأخذ له حقه، وإن قال ما لا يسر الظالم.
අපරාධයට ලක් වූවන්හට තම අයිතිය ලබා දෙන්නට අපේක්ෂා කරන්නෙකු හට තම අපරාධය ගැන හා අපරාධකරුවා පිළිබඳ කතා කිරීම අනුමතය. අපරාධකරු සතුටු නොවන දෙයක් වුවද වරදක් නැත. info

• حض المظلوم على العفو - حتى وإن قدر - كما يعفو الرب - سبحانه - مع قدرته على عقاب عباده.
අල්ලාහ් තම ගැත්තන් හට දඬුවම් දීමට බලය තිබියදීත් ඔහු ඔවුනට සමාව දෙන්නාක් මෙන්ම එසේ තමන්ට හැකියාව තිබුණ ද සමාව දීම සම්බන්ධයෙන් අපරාධයට ලක්වූවන් දිරි ගැන්වීම. info

• لا يجوز التفريق بين الرسل بالإيمان ببعضهم دون بعض، بل يجب الإيمان بهم جميعًا.
දූතවරුන් අතරින් පිරිසක් හැර දමා පිරිසක් පමණක් විශ්වාස කිරීම තුළින් ඔවුන් අතර වෙන් කිරීම සුදුසු නැත. ඔවුන් සියලු දෙනා විශ්වාස කිරීම අනිවාර්යය වන්නේය. info