《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
8 : 38

ءَاُنْزِلَ عَلَیْهِ الذِّكْرُ مِنْ بَیْنِنَا ؕ— بَلْ هُمْ فِیْ شَكٍّ مِّنْ ذِكْرِیْ ۚ— بَلْ لَّمَّا یَذُوْقُوْا عَذَابِ ۟ؕ

අපි නායකයින් හා ප්රභූවරුන් ලෙස සිටිය දී, අප වෙත අල් කුර්ආනය පහළ නොවී අප අතර සිටින මොහු වෙත එය පහළ වීමත්, මොහුට පමණක් එය විශේෂ වීමත් නිවැරදි ද? එසේ නොව නුඹ වෙත පහළ වන දිව්ය පණිවිඩ පිළිබඳ මෙම දේව ආදේශකයෝ සැකයෙහි පසුවෙති. අල්ලාහ්ගේ දඬුවම ඔවුහු භුක්ති විඳින කල්හි ඔවුන්ගේ නොසැලකිලිමත්කම නිසා ඔවුහු රැවටුණෝය. ඔවුන් එය විඳ ඇත්නම් අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම හා ආදේශ කිරීමෙහි ඔවුහු එඩිතර නොවෙති. නුඹ වෙත දන්වා සිටින දෑහි සැකයෙහි පසුවෙති. info
التفاسير:
这业中每段经文的优越:
• أقسم الله عز وجل بالقرآن العظيم، فالواجب تَلقِّيه بالإيمان والتصديق، والإقبال على استخراج معانيه.
•කීර්තිමත් අල්ලාහ් මහඟු අල් කුර්ආනය මත දිවුරා සිටියි. අනිවාර්යය වනුයේ දේව විශ්වාසය ලබා, එය තහවුරු කිරීම හා එහි අන්තර්ගත අදහස ඉස්මතු වන පරිදි පිළිගැනීමයි. info

• غلبة المقاييس المادية في أذهان المشركين برغبتهم في نزول الوحي على السادة والكبراء.
•දේවත්වයට ආදේශ තබන්නන් තම නායකයින් හා ප්රභූවරන් මත දේව පණිවිඩ පහළ වීම ගැන ආශාවෙන් පසු විය. එහෙයින් භෞතික නිර්ණායකවල ප්රමුඛත්වය ඔවුන්ගේ බුද්ධිය තුළ ආධිපත්යය දැරීය. info

• سبب إعراض الكفار عن الإيمان: التكبر والتجبر والاستعلاء عن اتباع الحق.
•දේව ප්රතික්ෂේපකයින් දේව විශ්වාසය පිටු දැකීමට හේතුව ‘අහංකාරකම, බලපුළුවන්කාරකම හා සත්යය පිළිපැදීමෙදී ඔවුන්ගේ උඩඟුකමයි. info