Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

අල් ළුහා

Ilan sa mga Layon ng Surah:
بيان عناية الله بنبيه في أول أمره وآخره.
අල්ලාහ් තම නබිවරයාට එතුමාගේ විෂයයෙහි ආරම්භයේ මෙන්ම එහි අවසානයේ එතුමාණන් වෙත දැක්වූ අවධානය පැහැදිලි කිරීම. info

external-link copy
1 : 93

وَالضُّحٰی ۟ۙ

දහවල ආරම්භය මත දිවුරමින්. info
التفاسير:

external-link copy
2 : 93

وَالَّیْلِ اِذَا سَجٰی ۟ۙ

රාත්රිය මත දිවුරමින් එය අන්ධකාරය පතුරුවා එහි මිනිසුන් තම කාර්යයන්ගෙන් ඉවත් ව සැනසුම ලබන විට. info
التفاسير:

external-link copy
3 : 93

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلٰی ۟ؕ

අහෝ දූතය! දේව පණිවිඩ නතර වූ කාලයේදී දෙවිඳුන්ට ආදේශ කරන්නන් පවසා සිටියාක් මෙන් ඔබේ පරමාධිපති ඔබව අතහැරියේ නැත. එමෙන්ම ඔබ සමඟ අමනාප වූයේ ද නැත. info
التفاسير:

external-link copy
4 : 93

وَلَلْاٰخِرَةُ خَیْرٌ لَّكَ مِنَ الْاُوْلٰی ۟ؕ

මතු නිවහන මෙලොවට වඩා ඔබට උතුම්ය. හේතුව, එහි නිමක් නැති සැප සම්පත් සදා පවතින බැවිනි. info
التفاسير:

external-link copy
5 : 93

وَلَسَوْفَ یُعْطِیْكَ رَبُّكَ فَتَرْضٰی ۟ؕ

ඔබට හා ඔබේ සමූහයාට පිරිනමන දෑ පිළිබඳ ඔබ තෘප්තිමත් වන තරමට ඔබට හා ඔබේ සමූහයාට ඉමහත්වූ ප්රතිඵල මතු පිරිනමනු ඇත. info
التفاسير:

external-link copy
6 : 93

اَلَمْ یَجِدْكَ یَتِیْمًا فَاٰوٰی ۪۟

කුඩා අවදියේ පියාණන් අහිමි වූ තත්ත්වයේ ඔබ සිටියෙහිය. පසුව ඔබේ සීයා වන අබ්දුල් මුත්තලිබ්ගේ හා ඉන්පසුව ඔබේ මහප්පා වන අබූ තාලිබ්ගේ භාරයේ සෙනෙහසට පත් කොට ඔහු ඔබට පිළිසරණක් දුන්නේය. info
التفاسير:

external-link copy
7 : 93

وَوَجَدَكَ ضَآلًّا فَهَدٰی ۪۟

දේව ග්රන්ථය (කුර්ආනය) කුමක් ද, ඊමානය (දේව විශ්වාසය) කුමක්දැයි යන්න ඔබ දැන සිටියේ නැත. පසුව ඒතුළින් ඔබ නොදැන සිටි දෑ ඔහු ඔබට ඉගැන්වීය. info
التفاسير:

external-link copy
8 : 93

وَوَجَدَكَ عَآىِٕلًا فَاَغْنٰی ۟ؕ

ඔබ දිළින්ඳෙකු ලෙස සිටියෙහිය. පසුව ඔහු ඔබව ස්වයංපෝෂිත කළේය. info
التفاسير:

external-link copy
9 : 93

فَاَمَّا الْیَتِیْمَ فَلَا تَقْهَرْ ۟ؕ

එබැවින් ළමා අවදියේදී පියාණන් අහිමි වූ අනාථ දරුවන් සමඟ වූ ඇසුර පළුදු නොකරනු. ඔවුන්ව පහත් කොට නොසලකනු. info
التفاسير:

external-link copy
10 : 93

وَاَمَّا السَّآىِٕلَ فَلَا تَنْهَرْ ۟ؕ

අවශ්යතා ඉල්ලා පැමිණෙන අය පලවා නොහරිනු. info
التفاسير:

external-link copy
11 : 93

وَاَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ ۟۠

ඔබ වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද සඳහා ඔබ තුති පුද කොට ඒවා ගැන මෙනෙහි කරනු. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• منزلة النبي صلى الله عليه وسلم عند ربه لا تدانيها منزلة.
• කිසිදු නිලයක් එයට ළඟා විය නොහැකි අල්ලාහ් අබියස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු නිලය. info

• شكر النعم حقّ لله على عبده.
•ගැත්තන් හට අල්ලාහ්ගේ වගකීම සම්බන්ධයෙන් වූ ආශිර්වාදයට කෘතඥ වීම. info

• وجوب الرحمة بالمستضعفين واللين لهم.
•දුබල අය සමග කාරුණික ව කටයුතු කිරීමේ හා ඔවුන් සමග සැහැල්ලුවෙන් කටයුතු කිරීමේ අනිවාර්යයභාවය. info