Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
11 : 9

فَاِنْ تَابُوْا وَاَقَامُوا الصَّلٰوةَ وَاٰتَوُا الزَّكٰوةَ فَاِخْوَانُكُمْ فِی الدِّیْنِ ؕ— وَنُفَصِّلُ الْاٰیٰتِ لِقَوْمٍ یَّعْلَمُوْنَ ۟

ප්රතික්ෂේප කළ ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ප්රතිපත්තිමය ප්රකාශ දෙක පවසා, සලාතය විධිමත් ව ඉටු කර, ඔවුන්ගේ වස්තුවෙන් සකාත් ද පිරිනැමුවේ නම් සැබැවින්ම ඔවුන් දෙවියන්ට අවනත වූ මුස්ලිම්වරුන් බවට පත් වනු ඇත. දහම තුළ ඔවුන් නුඹලාගේ සහෝදරයෝ වෙති. නුඹලා සතු දෑ ඔවුනට ද සතුය. නුඹලා මත පැවරෙන දෑ ඔවුන් වෙත ද පැවරෙනු ඇත. ඔවුන් ඝාතනය කිරීම නුඹලාට අනුමත නැත. ඔවුන්ගේ ඉස්ලාමය විසින් ඔවුන්ගේ ප්රාණය, ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ මාන්යය සුරකිනු ලබනු ඇත. වටහා ගන්නා ජනයාට අපි මෙම වදන් පැහැදිලි කරන්නෙමු. එමගින් ඔවුන් ප්රයෝජන ලබනු ඇත. එමෙන්ම ඔවුන් හැර වෙනත් අය ද ප්රයෝජන ලබනු ඇත. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• دلَّت الآيات على أن قتال المشركين الناكثين العهد كان لأسباب كثيرة، أهمها: نقضهم العهد.
•ගිවිසුමට විරුද්ධ ව කටයුතු කරන දේවත්වය ආදේශ කරන්නන් සමග සටන් කිරීම හේතු කාරණා බොහෝමයක් මත පිහිටන බව මෙම පාඨය පෙන්වා දෙයි. ඒ අතරින් වඩාත් බරපතළ වනුයේ ඔවුන් විසින් ගිවිසුම් කඩ කිරීමයි. info

• في الآيات دليل على أن من امتنع من أداء الصلاة أو الزكاة فإنه يُقاتَل حتى يؤديهما، كما فعل أبو بكر رضي الله عنه.
•කවරෙකු සලාතය ඉටු කිරීමෙන් හා සකාත් පිරිනැමීමෙන් වැළකී සිටින්නේ ද ඔහු ඒ යුතුකම් දෙක ඉටු කරන තෙක් අබූ බක්ර් තුමා කටයුතු කළ අයුරින් සටන් කරන මෙන් මෙම වදන් පෙන්වා දෙයි. info

• استدل بعض العلماء بقوله تعالى:﴿وَطَعَنُوا فِي دِينِكُمْ﴾ على وجوب قتل كل من طعن في الدّين عامدًا مستهزئًا به.
• "නුඹලාගේ දහමේ දොස් නගන්නන්" යන අල්ලාහ්ගේ ප්රකාශය සාධකයක් ලෙස ගෙන නින්දාසහගතව උවමනාවෙන්ම දහම විෂයයෙහි දොස් නගන සෑම කෙනෙකු සමගම සටන් වැදීම අනිවාර්යය බව ඇතැම් විද්වත්හු පෙන්වා දෙති. info

• في الآيات دلالة على أن المؤمن الذي يخشى الله وحده يجب أن يكون أشجع الناس وأجرأهم على القتال.
•අල්ලාහ්ට පමණක් බිය වන මුඃමින්වරයා, සටන් කිරීම සඳහා ජනයා අතර වඩාත් ධෛර්යවන්ත හා වඩාත් ශක්තිමත් අයකු වීම අනිවාර්යය බව මෙම පාඨ පෙන්වා දෙයි. info