Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
164 : 7

وَاِذْ قَالَتْ اُمَّةٌ مِّنْهُمْ لِمَ تَعِظُوْنَ قَوْمَا ۙ— ١للّٰهُ مُهْلِكُهُمْ اَوْ مُعَذِّبُهُمْ عَذَابًا شَدِیْدًا ؕ— قَالُوْا مَعْذِرَةً اِلٰی رَبِّكُمْ وَلَعَلَّهُمْ یَتَّقُوْنَ ۟

අහෝ දූතය! තවදුරටත් ඔබ මෙනෙහි කරනු. මෙම පිළිකුල් සහගත ක්රියාවෙන් ඔවුන් වැළැක් වූ පිරිසක් ද ඔවුන් අතර විය. ඔවුන් ඒ ගැන ඔවුනට අවවාද කළෝය. තවත් පිරිසක් ඔවුන් අමතා, 'තමන් සිදු කළ පාපය හේතුවෙන් අල්ලාහ් ඔවුන් මෙලොවෙහි විනාශ කිරීමට හෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙනුයේ මන්දැ?'යි විමසා සිටියේය. එයට උපදෙස් දුන්නෝ, ‘එසේ අපි ඔවුන්ට උපදෙස් දෙනුයේ යහපත විධානය කරන මෙන් ද අයහපතින් වළක්වන මෙන් ද අල්ලාහ් අපට කළ නියෝගය අතහැර දැමීමෙන් ඔහු අප වරදකරුවන් ලෙස නොගෙන අපි ඔහුට නිදහසට කරුණු දැක්වීමට හැකි වනු පිණිසය. ඇතැම් විට එම උපදෙස ඔවුනට ප්රයෝජනවත් වී, ඔවුන් කවර පාපයක නිරත වී සිටින්නේද එයින් ඔවුන් මිදෙන්නට පුළුවන.' යැයි කීහ. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• إذا نزل عذاب الله على قوم بسبب ذنوبهم ينجو منه من كانوا يأمرون بالمعروف وينهون عن المنكر فيهم.
•තම පාපකම් හේතුවෙන් පිරිසක් මත අල්ලාහ්ගේ දඬුවම පහළ වූ විට, ඔවුන් අතර සිටි යහපත විධානය කොට අයහපතින් වැළැක්වූවන් එයින් මිඳුණෝය. info

• يجب الحذر من عذاب الله؛ فإنه قد يكون رهيبًا في الدنيا، كما فعل سبحانه بطائفة من بني إسرائيل حين مَسَخَهم قردة بسبب تمردهم.
•අල්ලාහ්ගේ දඬුවමින් ප්රවේශම් වීම අනිවාර්යය වන්නේය. එය ඉස්රාඊල් ජනයාගෙන් පිරිසක් කැරලි ගැසීම හේතුවෙන් වඳුරන් බවට වෙනස් කළ අවස්ථාවේ අල්ලාහ් සිදු කළාක් මෙන් සැබැවින්ම එය මෙලොවෙහි පවතින භයානක තත්ත්වයකි. info

• نعيم الدنيا مهما بدا أنه عظيم فإنه قليل تافه بجانب نعيم الآخرة الدائم.
•ඉස්රාඊල් ජනයාට නින්දාව හා ජීවත් වීමේ අවකාශය අල්ලාහ් නියම කර ඇති අතර, ඔවුන්ගේ අසාධාරණය හා අපගමනය හේතුවෙන් ඔවුන්ට පීඩා කරනු ලබන සෑම කාල පරිච්ඡේදයකටම ඔහු ඔවුනට අවසර දුන්නේය. info

• أفضل أعمال العبد بعد الإيمان إقامة الصلاة؛ لأنها عمود الأمر.
•මෙලොව සුවපහසුකම් කෙතරම් ඉමහත් ලෙස දිස් වුව ද සදාකාලික මතුලොවෙහි පවතින සුවපහසුකම් සමඟ බැලීමේ දී සැබැවින්ම එය ඉතා අල්පය. info

• كتب الله على بني إسرائيل الذلة والمسكنة، وتأذن بأن يبعث عليهم كل مدة من يذيقهم العذاب بسبب ظلمهم وانحرافهم.
•අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු ගැත්තා සිදු කරන ක්රියාවන් අතුරින් අති උතුම් ක්රියාව වනුයේ සලාතය විධිමත්ව ඉටු කිරීමය. ඊට හේතුව සැබැවින් එය කරුණු වල මුදුන් මුල වන බැවිණි. info