Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
126 : 7

وَمَا تَنْقِمُ مِنَّاۤ اِلَّاۤ اَنْ اٰمَنَّا بِاٰیٰتِ رَبِّنَا لَمَّا جَآءَتْنَا ؕ— رَبَّنَاۤ اَفْرِغْ عَلَیْنَا صَبْرًا وَّتَوَفَّنَا مُسْلِمِیْنَ ۟۠

ඔබ අප පිළිකුල් කරනුයේ එමෙන්ම අපට එරෙහි ව කටයුතු කරනුයේ මූසාගේ දෑතින් අපගේ පරමාධිපතිගේ වදන් අප වෙත පැමිණි කල්හි, ඒවා අප තහවුරු කර සිටීම හේතුවෙන් මිස වෙනෙකක් හේතුවෙන් නොවීය. එහෙයින්, එය දොස් කියනු ලබන පාපයක් වී නම් එය අපගේ පාපයක් වන්නේමය. පසු ව අල්ලාහ් වෙත ඔවුන් ප්රාර්ථනා කරමින් ඉතා බැගෑපත් ව මෙසේ පවසා සිටියෝය. ‘අපගේ පරමාධිපතියාණනි! සත්යය මත අප ස්ථාවර ව සිටිනු පිණිස අපව පාලනය කරන තෙක් අප මත ඉවසීම හෙළනු මැනව! ඔබට අවනත වන මුස්ලිම්වරුන් ලෙසත් ඔබේ නියෝග පිළිපදින්නන් ලෙසත් ඔබේ දූතයාණන් අනුගමනය කරන්නන් ලෙසත් අප මරණයට පත් කරනු මැනව!' info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• موقف السّحرة وإعلان إيمانهم بجرأة وصراحة يدلّ على أنّ الإنسان إذا تجرّد عن هواه، وأذعن للعقل والفكر السّليم بادر إلى الإيمان عند ظهور الأدلّة عليه.
හූනියම්කරුවන්ගේ ස්ථාවරය හා ඔවුන් ඉතා උනන්දුවෙන් හා ප්රසිද්ධියේම ඔවුන්ගේ විශ්වාසය දන්වා සිටීම, සැබැවින්ම මිනිසා තම ආශාවන්ගෙන් ඉවත් ව බුද්ධියට හා කල්පනාවට වැටුණු විට ඔහුට පැහැදිලි සාධක නිරාවරණය වන අවස්ථාවේ, දේව විශ්වාසය වෙත ඔහු යුහුසුළු ව පැමිණෙන බව පෙන්වා දෙයි. info

• أهل الإيمان بالله واليوم الآخر هم أشدّ الناس حزمًا، وأكثرهم شجاعة وصبرًا في أوقات الأزمات والمحن والحروب.
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් වනාහි, ජනයා අතර දැඩි විශ්වාසයෙන් පසුවන්නෝ ඔවුහුමය. එමෙන්ම අර්බූද, පීඩා සහ යුද්ධ කාල වලදී ඉතා ඉවසීමෙන් හා ධෛර්යයෙන් කටයුතු කරන්නේද ඔවුහුමය. info

• المنتفعون من السّلطة يُحرِّضون ويُهيِّجون السلطان لمواجهة أهل الإيمان؛ لأن في بقاء السلطان بقاء لمصالحهم.
බලයෙන් ලාභ ලබන්නන්, දෙවියන් විශ්වාස කරන්නන් හා ඝට්ටනය කිරීමට, බලධාරීන්ව පොලඹවා උසි ගන්වති. ඊට හේතුව බලධාරීන්ගේ බලය පවතින විට ඔවුන්ගේ ප්රවර්තනය ද පවතින බැවිණි. info

• من أسباب حبس الأمطار وغلاء الأسعار: الظلم والفساد.
වර්ෂාව නතර වීමටත් මිල ඉහළ යාමටත් අපරාධ හා දූෂණය හේතු වන්නේය. info