Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
63 : 5

لَوْلَا یَنْهٰىهُمُ الرَّبّٰنِیُّوْنَ وَالْاَحْبَارُ عَنْ قَوْلِهِمُ الْاِثْمَ وَاَكْلِهِمُ السُّحْتَ ؕ— لَبِئْسَ مَا كَانُوْا یَصْنَعُوْنَ ۟

බොරු පැවසීම, බොරු සාක්ෂි දැරීම, අයුතු ලෙස මිනිසුන්ගේ වස්තුව අනුභව කිරීම වැනි කාර්යයන්හි ඔවුන් යුහුසුලු ව කටයුතු කිරීමෙන් ඔවුන්ගේ ප්රධානීහු හා ආගමික විද්වත්හු ඔවුන් වැළැක්විය යුතු නොවේද? ඔවුන්ගේ ප්රධානීන් හා ආගමික විද්වතුන් එම පිළිකුල් සහගත ක්රියාවෙන් නොවැළැක්වීම ඉතා නපුරු විය. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• ذمُّ العالم على سكوته عن معاصي قومه وعدم بيانه لمنكراتهم وتحذيرهم منها.
•විද්වතා තම සමූහයා පාපයන් කරන විට නිහඬ ව සිටීම ඔවුන් සිදු කරන පිළිකුල් සහගත දෑ ඔහු ඔවුනට පැහැදිලි නොකිරීම හා ඒ පිළිබඳ අවවාද නොකර සිටීම යනාදිය හේතුවෙන් ඔහුට අත්වන අපකීර්තිය. info

• سوء أدب اليهود مع الله تعالى، وذلك لأنهم وصفوه سبحانه بأنه مغلول اليد، حابس للخير.
•අල්ලාහ් සමග කටයුතු කිරීමේදී යුදෙව්වන්ගේ නරක විනය. ඊට හේතුව ඔවුන් සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අත් හකුළුවා ගනිමින් යහපත රඳවාගෙන සිටින්නෙක් යැයි ඔහු පිළිබඳ විස්තර කර සිටින බැවිණි. info

• إثبات صفة اليدين، على وجه يليق بذاته وجلاله وعظيم سلطانه.
•දෑත්හි ස්වභාවය ඔහුගේ පැවැත්මට ඔහුගේ කීර්තියට හා ඔහුගේ බලමහිමයට අනුකූල ව පිහිටා ඇති බව තහවුරු කිරීම. info

• الإشارة لما وقع فيه بعض طوائف اليهود من الشقاق والاختلاف والعداوة بينهم نتيجة لكفرهم وميلهم عن الحق.
•ඇතැම් යුදෙව් පිරිස් අතර ගැටුම් මතභේද හා සතුරුකම් පැවතීමෙන් පෙන්වා දෙනුයේ ඔවුන්ගේ ප්රතික්ෂේපභාවය හා සත්යයෙන් ඉවතට යොමු වීමේ ප්රතිවිපාකයයි. info