Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
12 : 46

وَمِنْ قَبْلِهٖ كِتٰبُ مُوْسٰۤی اِمَامًا وَّرَحْمَةً ؕ— وَهٰذَا كِتٰبٌ مُّصَدِّقٌ لِّسَانًا عَرَبِیًّا لِّیُنْذِرَ الَّذِیْنَ ظَلَمُوْا ۖۗ— وَبُشْرٰی لِلْمُحْسِنِیْنَ ۟

මෙම අල් කුර්ආනයට පෙර මූසා (අලයිහිස් සලාම්) තුමා හට අල්ලාහ් පහළ කළ තව්රාත් ග්රන්ථය විය. එය ඉස්රාඊල් දරුවන් අතරින් කවරෙකු එය විශ්වාස කොට එය අනුගමනය කළේද ඔවුනට එය සත්යය තුළ අනුගමනය කරනු ලබන මෙහෙයවීමක් හා ආශිර්වාදයක් විය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය පෙර පහළ වූ දිව්යමය ග්රන්ථ තහවුරු කරන අරාබි බසින් වූ ග්රන්ථයක් විය. එමගින් අල්ලාහ්ට ආදේශ කරමින් හා පාපකම් සිදු කරමින් තමන්ටම අපරාධ කරගත්තවුන් හට එතුමා අවවාද කරන්නට විය. එමෙන්ම තම මැවුම්කරුවා සමග යහ සම්බන්ධකම් පවත්වන ඔහුගේ මැවීම් සමග යහ සම්බන්ධකම් පවත්වන දැහැමියන්ට එය ශුභාරංචියකි. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• كل من عُبِد من دون الله ينكر على من عبده من الكافرين.
•අල්ලාහ් හැර නැමදුමට ලක්වන සියලු දෑ වනාහි, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අතරින් ඒවාට ගැතිකම් කළවුන් හෙළා දකියි. info

• عدم معرفة النبي صلى الله عليه وسلم بالغيب إلا ما أطلعه الله عليه منه.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට අල්ලාහ් පෙන්වා දුන් දෑ හැර එතුමාණන්ට ගුප්ත වූ දෑ පිළිබඳ එතුමා නොදැන සිටීම. info

• وجود ما يثبت نبوّة نبينا صلى الله عليه وسلم في الكتب السابقة.
•පෙර පහළ වු දිව්ය ග්රන්ථවල අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල්ම) තුමාගේ නබිත්වය ගැන සහතික කරමින් සඳහන්ව තිබීම. info

• بيان فضل الاستقامة وجزاء أصحابها.
•ස්ථාවරත්වයේ මහිමය හා එය පිළිපදින්නන් සතු ප්රතිඵලය. info