Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
113 : 4

وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكَ وَرَحْمَتُهٗ لَهَمَّتْ طَّآىِٕفَةٌ مِّنْهُمْ اَنْ یُّضِلُّوْكَ ؕ— وَمَا یُضِلُّوْنَ اِلَّاۤ اَنْفُسَهُمْ وَمَا یَضُرُّوْنَكَ مِنْ شَیْءٍ ؕ— وَاَنْزَلَ اللّٰهُ عَلَیْكَ الْكِتٰبَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ ؕ— وَكَانَ فَضْلُ اللّٰهِ عَلَیْكَ عَظِیْمًا ۟

අහෝ රසූල්වරය! ඔබ ව ආරක්ෂා කිරීමෙන් අල්ලාහ් ඔබ කෙරෙහි ආශිර්වාද නොකළේ නම්, තමන්හටම වංචා කර ගත් අය අතරින් පිරිසක් ඔබ ව සත්‍යයයෙන් නොමග යවන්නට උත්සාහ දරා, පසු ව ඔබ විසින් අයුක්ති සහගත ලෙස තීන්දු පිරිනැමීමට බලාපොරොත්තුවෙන් සිටිති. ඔවුන් තමන්වම මිස මුළා කර ගත්තේ නැත. නොමග යැවීමේ උත්සාාහයේ ප්‍රතිවිපාකය ඔවුන් වෙතම නැවත හැරී එනු ඇත. අල්ලාහ් ඔබ ව ආරක්ෂා කර ඇති බැවින් ඔබට යම් හිංසාවක් කිරීමට ඔවුහු ශක්තිය නොදරති. අල්ලාහ් ඔබ වෙත අල් කුර්ආනය හා සුන්නාව පහළ කළේය. මීට පෙර කිසිවකු දැන නොසිටි ප්‍රඥාවෙන් හා යහමගින් ඔබට ඔහු ඉගැන්නුවේය. එමෙන්ම නබිත්වය හෙවත් දූත මෙහෙය ඔබට පිරිනමමින් හා ඔබ ව ආරක්ෂා කරමින් අල්ලාහ් ඔබට දායාද කර ඇත්තේ මහත් භාග්‍යයකි. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• النهي عن المدافعة والمخاصمة عن المبطلين؛ لأن ذلك من التعاون على الإثم والعدوان.
අසත්යවාදීන් වෙනුවෙන් වාද කිරීමේ හා ඔවුන් ආරක්ෂා කිරීමේ තහනම. හේතුව, එය පාපයට හා සතුරුකමට සහයදීමක් වන බැවිණි. info

• ينبغي للمؤمن الحق أن يكون خوفه من الله وتعظيمه والحياء منه فوق كل أحد من الناس.
•අල්ලාහ්ට බියවෙමින් හා ඔහුට ගරු බුහුමන් කරමින් සත්යය පිළිපැඳීම දෙවියන් විශ්වාස කරන්නෙකුට අත්යාවශ්ය වන්නේය. ඒ අතුරින් සෑම මිනිසෙකුටම වඩා ඉහළින් පිහිටනුයේ ලැජ්ජා බියයි. info

• سعة رحمة الله ومغفرته لمن ظلم نفسه، مهما كان ظلمه إذا صدق في توبته، ورجع عن ذنبه.
• තමන්ටම අපරාධ කරගෙන තම අපරාධයත් සමගම සැබෑ ලෙස පාප සමාව අයැද තම පාපයෙන් හැරෙන්නට උත්සාහ දරන්නාට හිමි අල්ලාහ්ගේ කරුණාවේ හා ඔහුගේ සමාවේ විශාලත්වය. info

• التحذير من اتهام البريء وقذفه بما لم يكن منه؛ وأنَّ فاعل ذلك قد وقع في أشد الكذب والإثم.
•නිරපරාධියෙකු මත ඔහු නොකළ පාපයක් පැටවීමෙන් හා ඔහු ව සැකකාරයකු බවට පත් කිරීමෙන් වැළකී සිටීම. සැබැවින්ම එසේ සිදු කරන්න් මහා පාපයෙහි හා බොරුවෙහි වැටෙනු ඇත. info