Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
19 : 33

اَشِحَّةً عَلَیْكُمْ ۖۚ— فَاِذَا جَآءَ الْخَوْفُ رَاَیْتَهُمْ یَنْظُرُوْنَ اِلَیْكَ تَدُوْرُ اَعْیُنُهُمْ كَالَّذِیْ یُغْشٰی عَلَیْهِ مِنَ الْمَوْتِ ۚ— فَاِذَا ذَهَبَ الْخَوْفُ سَلَقُوْكُمْ بِاَلْسِنَةٍ حِدَادٍ اَشِحَّةً عَلَی الْخَیْرِ ؕ— اُولٰٓىِٕكَ لَمْ یُؤْمِنُوْا فَاَحْبَطَ اللّٰهُ اَعْمَالَهُمْ ؕ— وَكَانَ ذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرًا ۟

දේව විශ්වාසී ජනයිනි! එය ඔවුන්ගේ ධනය සම්බන්ධයෙන් පවතින නුඹලා කෙරෙහි වූ මසුරුකම හේතුවෙනි. ඒවා වියදම් කරමින් නුඹලාට ඔවුහු උපකාර නොකරති. එමෙන්ම ඔවුන් ඔවුන් ගැනම මසුරු වෙති. නුඹලා සමග එක් ව සටන් නොකරති. ඔවුන්ගේ හිතමිතුරන් ගැන ද මසුරු වෙති. එහෙයින් නුඹලා සමග හිතවත්කම් නොපානු ඇත. අහෝ දූතය! සතුරන් හමු වන අවස්ථාවේ ඔවුනට බිය පැමිණි විට මරණ මංචකයේ තම ඇස් දෙක කැරකෙමින් තිබෙන රෝගියකු මෙන් බියෙන් ඔවුන්ගේ ඇස් කැරකෙමින් තිබෙනු නුඹ දකිනු ඇත. ඔවුන්ගෙන් බිය පහ වී ඔවුන් සන්සුන් තත්ත්වයට පත් වූ විට ඔවුන් චතුර ලෙස කතා කරමින් නුඹලාට වේදනා ගෙන දෙති. තණ්හාවෙන් යුතු ව යුද්ධයේ අතහැර දමා ගිය වස්තුව ගැන සොයති. මෙම ගුණාංගවලින් යුත් ඇත්තන් සැබෑ ලෙස විශ්වාස නොකළෝය. ඔවුන්ගේ ක්රියාවන්වල ප්රතිඵල අල්ලාහ් නිෂ්ඵල කළේය. එසේ නිෂ්ඵල කිරීම අල්ලාහ්ට පහසු කාර්යයක් විය. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• الآجال محددة؛ لا يُقَرِّبُها قتال، ولا يُبْعِدُها هروب منه.
•ආයු කාලයන් නිර්ණය කරනු ලැබ ඇත. යුද්ධ කිරීම එය සමීප කරවන්නේ නැත. එමෙන්ම එයින් පලා යෑම එයින් දුරස් කරන්නේ ද නැත. info

• التثبيط عن الجهاد في سبيل الله شأن المنافقين دائمًا.
•අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට බියගුලු වීම කුහකයින්ගේ නිරන්තර කරුණකි. info

• الرسول صلى الله عليه وسلم قدوة المؤمنين في أقواله وأفعاله.
•අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), එතුමාගේ ප්රකාශවල හා ක්රියාවල දේවත්වය විශ්වාස කරන්නන්හට පූර්වාදර්ශී උදාහරණ පුරුෂයෙකු වූහ. info

• الثقة بالله والانقياد له من صفات المؤمنين.
•අල්ලාහ් පිළිබඳ දැඩි අධිෂ්ඨානය හා ඔහුට යටත් වීම දේව විශ්වාසීන්ගේ ගුණාංග අතරිනි. info