Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
166 : 3

وَمَاۤ اَصَابَكُمْ یَوْمَ الْتَقَی الْجَمْعٰنِ فَبِاِذْنِ اللّٰهِ وَلِیَعْلَمَ الْمُؤْمِنِیْنَ ۟ۙ

නුඹලාගේ සේනාව හා දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ සේනාව හමු වූ උහද් යුද දිනයේ දී නුඹලාට අත් වූ ඝාතන තුවාල හා පරාජය සැබෑ දේව විශ්වාස කළවුන් කවුරුන්දැයි නිරාවරණය කිරීමේ ගැඹුරු යථාර්ථයෙන් අල්ලාහ්ගේ අනුහසින් හා ඔහුගේ නියමයෙන් සිදු වූවකි. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• من سنن الله تعالى أن يبتلي عباده؛ ليتميز المؤمن الحق من المنافق، وليعلم الصادق من الكاذب.
•ජනයා සැබෑ විශ්වාස කරන්නා කුහකයාගෙන් වෙන් කර හඳුනා ගනු පිණිසත් සත්යවාදියා බොරුකාරයාගෙන් වෙන් කර හඳුනා ගනු පිණිසත් තම ගැත්තන් පරීක්ෂාවට ලක් කිරීම අල්ලාහ්ගේ පිළිවෙතකි. info

• عظم منزلة الجهاد والشهادة في سبيل الله وثواب أهله عند الله تعالى حيث ينزلهم الله تعالى بأعلى المنازل.
•අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමෙන් හා දිවි පිදීමෙන් ලැබෙන උසස් නිලය හා ඔවුන්හට උසස් තරාතිරම් පිරිනැමීමෙන් අල්ලාහ් අබියස ඔවුනට සතු වන කුසල්. info

• فضل الصحابة وبيان علو منزلتهم في الدنيا والآخرة؛ لما بذلوه من أنفسهم وأموالهم في سبيل الله تعالى.
•සහාබාවරුන් හෙවත් නබි අනුගාමිකයින්ගේ මහිමය. ඔවුන් තම ප්රාණය හා තම වස්තුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර ඇති බැවින් ඔවුනට මෙලොව හා මතු ලොවෙහි හිමි උසස් නිලතල පිළිබඳ විස්තර කිරීම. info