Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
210 : 2

هَلْ یَنْظُرُوْنَ اِلَّاۤ اَنْ یَّاْتِیَهُمُ اللّٰهُ فِیْ ظُلَلٍ مِّنَ الْغَمَامِ وَالْمَلٰٓىِٕكَةُ وَقُضِیَ الْاَمْرُ ؕ— وَاِلَی اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ۟۠

සත්යයෙන් නැඹුරු වී ෂෙයිතාන්ගේ මග පිළිපදින්නන් වන මොවුහු අපේක්ෂා කරනුයේ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කීර්තියෙන් පිරුණු සුවිශුද්ධ අල්ලාහ් සමග සම්බන්ධ යමක් ඔවුන් අතරට අල්ලාහ් ගෙන ඒමය. එනම් ඔවුන් අතර තීන්දු දෙනු පිණිස ඔහු වලාකුළු හෙවණැලි අතරින් පැමිණ, සෑම දෙසකින්ම ඔවුන් පිරිවරාගෙන මලක්වරුන් ඔවුන් වෙත පැමිණ ඒ අවස්ථාවේ ඔවුන් අතර අල්ලාහ්ගේ තීන්දුව ක්රියාත්මක කරනු ලැබ එය අවසන් කිරීමය. සියලු මැවීම්හි කටයුතු හා ඔවුන්ගේ සියලු කරුණු යොමු වනුයේ අල්ලාහ් වෙත පමණි. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• التقوى حقيقة لا تكون بكثرة الأعمال فقط، وإنما بمتابعة هدي الشريعة والالتزام بها.
•තක්වා හෙවත් දේව හැඟීමෙන් යුත් බැතිමත්කම යථාර්ථයකි. අධික ලෙස නැමදුම් කිරීමෙන් පමණක් එය ඇති වන්නේ නැත. එය ෂරීආ මගපෙන්වීම් අනුගමනය කිරීමෙන් හා ඒවා පිළිපැදීමෙන් ඇති විය යුත්තකි. info

• الحكم على الناس لا يكون بمجرد أشكالهم وأقوالهم، بل بحقيقة أفعالهم الدالة على ما أخفته صدورهم.
•මිනිසුන්ගේ ස්වරූපය හා ප්රකාශය පමණක් පදනම් කර ගනිමින් ඔවුන් අතර තීන්දුව පිහිටන්නේ නැත. නමුත් එම යථාර්ථය පවතිනුයේ ඔවුන්ගේ ක්රියාවන් තුළිනි. එය ඔවුන්ගේ හදවත් සඟවා ඇති දෑ පෙන්වා දෙන්නකි. info

• الإفساد في الأرض بكل صوره من صفات المتكبرين التي تلازمهم، والله تعالى لا يحب الفساد وأهله.
•මහපොළොවේ කලහකම් ඇති කිරීමේ සියලුම ආකාරයේ ගුණාංග හිතුවක්කරයින් සතු ගුණාංග වෙයි. අල්ලාහ් කලහකම හා එය සිදු කරන්නන් ප්රිය කරන්නේ නැත. info

• لا يكون المرء مسلمًا حقيقة لله تعالى حتى يُسَلِّم لهذا الدين كله، ويقبله ظاهرًا وباطنًا.
•පුද්ගලයකු පූර්ණ වශයෙන් මෙම දහමට යටහත් වන තෙක් යථාර්ථවාදී ලෙස ඔහු අල්ලාහ්ට අවනත වූ මුස්ලිම්වරයකු වන්නේ නැත. ඔහු බාහිර ක්රියාකාරමක් මෙනේම අභ්යන්තර දෑ ද පිළිගත යුතුයි. info