Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
128 : 2

رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَیْنِ لَكَ وَمِنْ ذُرِّیَّتِنَاۤ اُمَّةً مُّسْلِمَةً لَّكَ ۪— وَاَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَیْنَا ۚ— اِنَّكَ اَنْتَ التَّوَّابُ الرَّحِیْمُ ۟

තවදුරටත් ‘අපගේ පරමාධිපතියාණනි, ඔබේ අණට කීකරු වන ඔබට යටහත් වන දෙදෙනෙකු බවට අප පත් කරනු මැනව! ඔබ සමග අපි කිසිවකු ආදේශ නොකරන්නෙමු. ඔබට අවනත වන සමූහයක් අපගේ පරම්පරාවෙන් ද බිහි කරනු මැනව! ඔබට ඉටු කළ යුතු නැමදුම් කෙසේ පිහිටිය යුතු දැයි ඔබ අපට දන්වා සිටිනු මැනව. ඔබව නැමදුම් කිරීමේ දී අප අඩුවක් කිරීමෙන් හෝ වරදක් කිරීමෙන් අප මුදවාලනු කරනු මැනව! සැබැවින්ම ඔබේ ගැත්තන් අතුරින් ඔබ වෙත සමාව අයැද පශ්චාත්තාපයේ නිරතවන්නන් හට සමාව දානය කරන්නාය. එමෙන්ම ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• المؤمن المتقي لا يغتر بأعماله الصالحة، بل يخاف أن ترد عليه، ولا تقبل منه، ولهذا يُكْثِرُ سؤالَ الله قَبولها.
බැතිමත් දේව විශ්වාසවන්තයෙකු ඔහුගේ දැහැමි ක්රියාවන් දෙස බලා රැවටෙන්නේ නැත. ඒ සඳහා තමන්ට ප්රතිචාර ලැබේ ද? එය පිළිගනු ලැබේ ද නොලැබේ ද යනුවෙන් බිය වෙයි. එහෙයින් ඔහු එය පිළිගන්නා මෙන් අධික ලෙස අල්ලාහ්ගෙන් කණ්ණලව් කර සිටියි. info

• بركة دعوة أبي الأنبياء إبراهيم عليه السلام، حيث أجاب الله دعاءه وجعل خاتم أنبيائه وأفضل رسله من أهل مكة.
නබිවරුන්ගේ පියා ලෙස සැලකෙන ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමාගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දීමෙන් ඉන් ඇති වූ සමෘධිය. info

• دين إبراهيم عليه السلام هو الملة الحنيفية الموافقة للفطرة، لا يرغب عنها ولا يزهد فيها إلا الجاهل المخالف لفطرته.
ඉබ්රාහීම්ගේ දහම ස්වභාදහමට අනුකූල වූ අචල පිළිවෙතකි. තම ස්වභාවික පැවැත්මට වෙනස්කම් කරන අධමයකු මිස වෙනත් කිසිවකු ඉන් දුරස් වන්නට සිතන්නේ නැත. ඉන් හැරෙන්නේද නැත. info

• مشروعية الوصية للذرية باتباع الهدى، وأخذ العهد عليهم بالتمسك بالحق والثبات عليه.
යහමග අනුගමනය කරන මෙන් පරපුරකට උපදෙස් දීම ආගමානුගත කර තිබීම. සත්යය පිළිපදිමින් එහි ස්ථාවර සිටින මෙන් ඔවුන්ගෙන් ගිවිසුමක් ගැනීම. info