Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
3 : 17

ذُرِّیَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوْحٍ ؕ— اِنَّهٗ كَانَ عَبْدًا شَكُوْرًا ۟

මහා ජලගැල්මෙහි ගිලීමෙන් නූහ් (අලයිහිස් සලාම්) තුමා හා ඔහු සමග සිටියවුන් මුදවා, ඔවුනට අප ආශිර්වාද කළ පරම්පරාවෙන් නුඹලා පැවත එන්නන්ය. එහෙයින් එම ආශිර්වාදය මෙනෙහි කර බලනු. අල්ලාහ්ට පමණක් නැමදුම් කරමින්, ඔහුට පමණක් යටත් වෙමින්, ඔහුට කෘතගුණ සලකනු. එහිදී නුහ් තුමාව නුඹලා පිළිපදිනු. සැබැවින්ම එතුමා අල්ලාහ්ට වඩාත් කෘතගුණ සලකන්නෙකු වූහ. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• في قوله: ﴿الْمَسْجِدِ الْأَقْصَا﴾: إشارة لدخوله في حكم الإسلام؛ لأن المسجد موطن عبادةِ المسلمين.
•දේව ප්රකාශය තුළ ‘අල් මස්ජිදුල් අක්සා’ යනුවෙන් සඳහන්ව ඇත්තේ ඉස්ලාමීය නීතිය යටතට එය පිවිසෙන බව සංඛේතවත් කරමිනි. ඊට හේතුව සැබැවින්ම එම දේවස්ථානය මුස්ලිම්වරුන් නැමදුම් කළ දේශයේ වූ බැවිනි. info

• بيان فضيلة الشكر، والاقتداء بالشاكرين من الأنبياء والمرسلين.
•කෘතඥතාවයේ මහිමය හා කෘතවේදී ව කටයුතු කළ නබිවරුන් හා දූතවරුන් පිළිපැදීමේ මහිමය පැහැදිලි කිරීම. info

• من حكمة الله وسُنَّته أن يبعث على المفسدين من يمنعهم من الفساد؛ لتتحقق حكمة الله في الإصلاح.
• හැඩගැස්වීමෙහි අල්ලාහ්ගේ ප්රඥාව සහතික කරමින් කලහකාරීන් වෙත ඔවුන්ගේ කලහකම් වළක්වන අය එවීම අල්ලාහ්ගේ ප්රඥාව හා න්යායකි. info

• التحذير لهذه الأمة من العمل بالمعاصي؛ لئلا يصيبهم ما أصاب بني إسرائيل، فسُنَّة الله واحدة لا تتبدل ولا تتحول.
•ඉස්රාඊල් දරුවන්ට අත් වූ ඉරණම මෙම සමූහයාටත් අත් නොවනු පිණිස පාපකාරී කටයුතු පිළිබඳ ඔවුනට අනතුරු ඇඟවීම. අල්ලාහ්ගේ න්යායය එකමය. එහි කිසිදු වෙනස්වීමක් හෝ විකෘති කිරීමක් නැත. info