Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
101 : 17

وَلَقَدْ اٰتَیْنَا مُوْسٰی تِسْعَ اٰیٰتٍۢ بَیِّنٰتٍ فَسْـَٔلْ بَنِیْۤ اِسْرَآءِیْلَ اِذْ جَآءَهُمْ فَقَالَ لَهٗ فِرْعَوْنُ اِنِّیْ لَاَظُنُّكَ یٰمُوْسٰی مَسْحُوْرًا ۟

මූසාට සාක්ෂි වශයෙන් පැහැදිලි සාධක නවයක් සැබැවින්ම අපි ඔහුට පිරිනැමුවෙමු. එනම් සැරයටිය, අත, වසරවල්, බවභෝග හිඟවීම, මහා ජල ගැල්ම, පළගැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය යනාදියයි. මෙම ප්රාතිහාර්යයන් තම මුතුන් මිත්තන් වෙත මූසා ගෙන ආ අවස්ථාව ගැන යුදෙව්වන්ගෙන් විමසා සිටිනු. එවිට ෆිර්අවුන් ඔහුට, "අහෝ මූසා! නුඹ ගෙන ආ දුර්ලභ දෑ හේතුවෙන් සැබැවින්ම ඔබ හූනියම් කරනු ලැබූ මිනිසෙකු ලෙස සිතමි." යැයි පැවසීය. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• الله تعالى هو المنفرد بالهداية والإضلال، فمن يهده فهو المهتدي على الحقيقة، ومن يضلله ويخذله فلا هادي له.
•මග පෙන්වන්නේත් නොමග යන්නට ඉඩ හරින්නේත් උත්තරීතර අල්ලාහ් පමණය. එහෙයින් ඔහු කවරෙකුට යහමඟ පෙන්වන්නේද ඔහු සැබෑ ලෙසින්ම යහමඟ ලැබූවෙකු වේ. කවරෙකු ඔහු නොමග යන්නට ඉඩ හැර අවමානයට පත් කරන්නේ ද එවිට කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නැත. info

• مأوى الكفار ومستقرهم ومقامهم جهنم، كلما سكنت نارها زادها الله نارًا تلتهب.
•දේව ප්රතික්ෂේපකයින් යොමු වන ස්ථානය, ඔවුන්ගේ නවාතැන, ඔවුන්ගේ වාසස්ථානය නිරයයි. එහි ගින්න නිවන සෑම කල්හිම දලු ලා ඇවිළෙන ගින්නක් බවට අල්ලාහ් එය වර්ධනය කරයි. info

• وجوب الاعتصام بالله عند تهديد الطغاة والمُسْتَبدين.
•අපරාධකරුවන් හා ඒකාධිපතියන් විසින් සිදු කරන තර්ජන වලදී අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතීමේ අනිවාර්යභාවය. info

• الطغاة والمُسْتَبدون يلجؤون إلى استخدام السلطة والقوة عندما يواجهون أهل الحق؛ لأنهم لا يستطيعون مواجهتهم بالحجة والبيان.
•අපරාධකරුවන් හා ඒකාධිපතියන්, සත්යවාදීන්හට මුහුණ දෙන විට බලය හා ශක්තිය යෙදවීමෙන් ඈත් ව සිටිති. ඊට හේතුව පැහැදිලි කිරීම් හා පැහැදිලි සාධක හේතුවෙන් ඔවුනට මුහුණ දීමට හැකියාවක් නොමැති වීම නිසාය. info