Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
3 : 15

ذَرْهُمْ یَاْكُلُوْا وَیَتَمَتَّعُوْا وَیُلْهِهِمُ الْاَمَلُ فَسَوْفَ یَعْلَمُوْنَ ۟

අහෝ දූතය! මෙම බොරුකාරයින්ට ගොවිපල සතුන් අනුභව කරන්නාක් මෙන් භුක්ති විඳින්නට ඉඩ දෙනු. තාවකාලික මෙලොව ආශාවන් ඔවුහු භුක්ති විදිති. ඔවුන්ගේ දිගු බලාපොරොත්තු දේව විශ්වාසයෙන් හා දැහැමි ක්රියාවන්ගෙන් ඔවුන් වෙනතකට යොමු කර ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අල්ලාහ් වෙත පැමිණෙන විට ඔවුන් සිටියේ අලාභයක බව ඔවුන් මතු දැනගනු ඇත. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• القرآن الكريم جامع بين صفة الكمال في كل شيء، والوضوح والبيان.
•ශුද්ධ වූ අල් කුර්ආනය සෑම දෙයකම පරිපුර්ණ විස්තර පැහැදිලි කිරීම් හා විග්රහයන් එකට ගොනු ව ඇති ග්රන්ථයකි. info

• يهتم الكفار عادة بالماديات، فتراهم مُنْغَمِسين في الشهوات والأهواء، مغترين بالأماني الزائفة، منشغلين بالدنيا عن الآخرة.
•දෙවියන්ට ආදේශ කරන්නන් පොදුවේ භෞතික කටයුතුවලට වැදගත්කමක් දෙති. ඔවුන් ආශාවන් හා තෘෂ්ණාවල ගිලී, බොරු අභිලාෂයන්ගෙන් රැවටී, මතුලොවට වඩා මෙලොවට වැඩි උනන්දුවක් දැක්වීම ඔබට පෙනෙනු ඇත. info

• هلاك الأمم مُقَدَّر بتاريخ معين، ومقرر في أجل محدد، لا تأخير فيه ولا تقديم، وإن الله لا يَعْجَلُ لعجلة أحد.
•සමූහයන්ගේ විනාශය නියම කරන ලද දිනයක සිදු කරනු ලබන්නකි. කිසිදු ප්රමාදයකින් හෝ ඉක්මන් කිරීමකින් තොරව නියමිත කාලය තුළ එය ක්රියාත්මක වේ. කිසිවෙකුගේ ඉක්මන්කම නිසා අල්ලාහ් එය ඉක්මන් නොකරනු ඇත. info

• تكفل الله تعالى بحفظ القرآن الكريم من التغيير والتبديل، والزيادة والنقص، إلى يوم القيامة.
•වෙනස් වීමකින් හෝ වෙනස් කිරීමකින් හෝ යමක් අමතර ව එකතු කිරීමකින් හෝ ඉන් යමක් අඩු කිරීමකින් අල් කුර්ආනය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් භාර ගෙන ඇත. info