Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
26 : 14

وَمَثَلُ كَلِمَةٍ خَبِیْثَةٍ كَشَجَرَةٍ خَبِیْثَةِ ١جْتُثَّتْ مِنْ فَوْقِ الْاَرْضِ مَا لَهَا مِنْ قَرَارٍ ۟

ෂිර්ක් හෙවත් කිලිටි ආදේශයේ වදනට උපමාව අස්ථාවර ගසක උපමාවය. එය කැකිරි ගසකි. එය මුල සමගම උගලනු ලැබේ. මහපොළොවෙහි ශක්තිමත්ව ස්ථාවර ව සිටිය හැකි මුල් එයට නැත. අහසට එසවී යන අතු ද නැත. එය දිරාපත් වී සුළඟට ගසාගෙන යයි. එසේම දේව ප්රතික්ෂේපයේ ප්රකාශය විනාශය වෙත නැඹුරු කරවයි. එවන් පුද්ගලයින් සතු කිසිදු යහපත් ක්රියාවක් අල්ලාහ් වෙත ආරෝහණය වන්නේ නැත. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• تشبيه كلمة الكفر بشجرة الحَنْظل الزاحفة، فهي لا ترتفع، ولا تنتج طيبًا، ولا تدوم.
•දේව ප්රතික්ෂේපයේ වදන විහිඳී ගිය කටුක කැකිරි ගසකට සමාන කිරීම. එය ඉහළට වැඩෙන්නේ නැත. එමෙන්ම යහපතක් උපදවන්නේ ද නැත. අඛණ්ඩ ව පවතින්නේ ද නැත. info

• الرابط بين الأمر بالصلاة والزكاة مع ذكر الآخرة هو الإشعار بأنهما مما تكون به النجاة يومئذ.
•සලාතය හා සකාතය ඉටු කරන මෙන් වූ නියෝගය මතුලොව මෙනෙහි කිරීමත් සමග සම්බන්ධ කොට පවසා තිබීම සැබැවින්ම ඒ දෙක එදින ජය ලබන්නට හේතුවන බව සංඛේතවත් කිරීමකි. info

• تعداد بعض النعم العظيمة إشارة لعظم كفر بعض بني آدم وجحدهم نعمه سبحانه وتعالى .
•මහත් ආශිර්වාදයන් කිහිපයක් ලැයිස්තු ගත කර තිබීම ආදම්ගේ දරුවන් අතරින් ඇතැමෙකු විසින් දරණ දේව ප්රතික්ෂේපයේ හා අල්ලාහ්ගේ ආශිර්වාදයන් හෙළා දැකීමේ බරපතල කම පෙන්වා දෙන සංඛේතයකි. info