Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
22 : 14

وَقَالَ الشَّیْطٰنُ لَمَّا قُضِیَ الْاَمْرُ اِنَّ اللّٰهَ وَعَدَكُمْ وَعْدَ الْحَقِّ وَوَعَدْتُّكُمْ فَاَخْلَفْتُكُمْ ؕ— وَمَا كَانَ لِیَ عَلَیْكُمْ مِّنْ سُلْطٰنٍ اِلَّاۤ اَنْ دَعَوْتُكُمْ فَاسْتَجَبْتُمْ لِیْ ۚ— فَلَا تَلُوْمُوْنِیْ وَلُوْمُوْۤا اَنْفُسَكُمْ ؕ— مَاۤ اَنَا بِمُصْرِخِكُمْ وَمَاۤ اَنْتُمْ بِمُصْرِخِیَّ ؕ— اِنِّیْ كَفَرْتُ بِمَاۤ اَشْرَكْتُمُوْنِ مِنْ قَبْلُ ؕ— اِنَّ الظّٰلِمِیْنَ لَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟

ස්වර්ග වාසීන් ස්වර්ගයට පිවිස නිරාවාසීන් නිරා ගින්නට පිවිසෙන කල්හි ෂෙයිතාන්, "සැබැවින්ම අල්ලාහ් නුඹලාට ලබා දී ඇති ප්රතිඥාව සැබෑ ප්රතිඥාවකි. නුඹලාට ප්රතිඥා දුන් දෑ ඔහු නුඹලාට ඉෂ්ඨ කර ඇත. නමුත් මම නුඹලාට දුන් ප්රතිඥාව ව්යාජ ප්රතිඥාවකි. මා නුඹලාට කවර ප්රතිඥාවක් දුන්නේ ද එය මා ඉටු කළේ නැත. මෙලොවෙහි දේව ප්රතික්ෂේපය හා මුළාව නුඹලා මත බලාත්මක කිරීමට කිසිදු අයිතියක් මට නොවීය. නමුත් නුඹලා මාගේ අනුගාමිකයින් වෙත යුහුසුළුව ගියේය. නුඹලාට අත් වූ මුළාව සම්බන්ධයෙන් නුඹලා මට දොස් නොනගනු. නුඹලා නුඹලාටම දොස් නගනු. දොස් නැගීමට වඩාත් සුදුසු වනුයේ එයයි. නුඹලාගෙන් දඬුවම වළක්වා නුඹලාට උදව් කරන්නෙකු ලෙස මා නැත. මගෙන් එය වළක්වා මට උදව් කරන්නන් ලෙස නුඹලා නැත. නැමදුමෙහි අල්ලාහ්ට ආදේශ තබමින් නුඹලා මා පත් කර ගැනීම සැබැවින්ම මම ප්රතික්ෂේප කරමි." මෙලොවෙහි අල්ලාහ්ට ආදේශ තබමින් ඔහු ව ප්රතික්ෂේප කරමින් අපරාධ කළවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගැන අපේක්ෂාවෙන් බලා සිටින වේදනීය දඬුවමක් ඔවුනට ඇත. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• بيان سوء عاقبة التابع والمتبوع إن اجتمعا على الباطل.
•අනුගමනය කරන්නා හා අනුගමනය කරනු ලබන්නා යන දෙදෙනාම ව්යාජ දෙයක් මත එකතු වූයේ නම්, ඔවුනට හිමිවන නපුරු අවසානය පැහැදිලි කිරීම. info

• بيان أن الشيطان أكبر عدو لبني آدم، وأنه كاذب مخذول ضعيف، لا يملك لنفسه ولا لأتباعه شيئًا يوم القيامة.
•ආදම්ගේ දරුවන්ගේ මහා සතුරා ෂෙයිතාන් බවත් සැබැවින්ම ඔහු දුර්වල මෙන්ම නීච බොරු කාරයෙකු බවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුට හෝ ඔහු ව අනුගමනය කළවුනට හෝ කිසිවක් අයිති නොවන බවත් පැහැදිලි කිරීම. info

• اعتراف إبليس أن وعد الله تعالى هو الحق، وأن وعد الشيطان إنما هو محض الكذب.
•සැබැවින්ම අල්ලාහ්ගේ ප්රතිඥාව සත්ය බවත් ෂෙයිතාන්ගේ ප්රතිඥාව ශුද්ධ බොරුවක් බවත් ඉබ්ලීස් පිළිගැනීම. info

• تشبيه كلمة التوحيد بالشجرة الطيبة الثمر، العالية الأغصان، الثابتة الجذور.
•ඉහලට අතු විහිදී ඇති පහළට ඉතා ශක්තිමත්ව මුල් ඇඳී ඇති පල දෙන නැවුම් ගසකට තව්හීද් හෙවත් දේව ඒකීයත්වයේ ප්රතිපත්තිමය ප්රකාශය උපමා කිරීම. info