Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Sentro ng Rowad sa Pagsasalin

අල් කලම්

external-link copy
1 : 68

نٓ وَالْقَلَمِ وَمَا یَسْطُرُوْنَ ۟ۙ

නූන්, පෑන හා ඔවුන් ලියන දෑ මත දිවුරමින්, info
التفاسير:

external-link copy
2 : 68

مَاۤ اَنْتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُوْنٍ ۟ۚ

නුඹේ පරමාධිපතිගේ පිහිටෙන් නුඹ උන්මත්තකයකු නො වේ. info
التفاسير:

external-link copy
3 : 68

وَاِنَّ لَكَ لَاَجْرًا غَیْرَ مَمْنُوْنٍ ۟ۚ

තවද සැබැවින් ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත. info
التفاسير:

external-link copy
4 : 68

وَاِنَّكَ لَعَلٰی خُلُقٍ عَظِیْمٍ ۟

තවද නියත වශයෙන් ම නුඹ අතිඋතුම් ගතිගුණ මත සිටින්නෙහි ය. info
التفاسير:

external-link copy
5 : 68

فَسَتُبْصِرُ وَیُبْصِرُوْنَ ۟ۙ

නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහු ද මතු දකිනු ඇත. info
التفاسير:

external-link copy
6 : 68

بِاَیِّىكُمُ الْمَفْتُوْنُ ۟

නුඹලා අතරින් කවරෙකු උමතුවෙන් පෙළෙන්නේ දැ? යි (මතු දකිනු ඇත). info
التفاسير:

external-link copy
7 : 68

اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِیْلِهٖ ۪— وَهُوَ اَعْلَمُ بِالْمُهْتَدِیْنَ ۟

නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනවින් දන්නා ය. තවද යහමග ලද්දවුන් පිළිබඳව ද මැනවින් දන්නා ය. info
التفاسير:

external-link copy
8 : 68

فَلَا تُطِعِ الْمُكَذِّبِیْنَ ۟

එහෙයින් නුඹ බොරු කළවුනට අවනත නො වනු. info
التفاسير:

external-link copy
9 : 68

وَدُّوْا لَوْ تُدْهِنُ فَیُدْهِنُوْنَ ۟

නුඹ නම්‍යශීලී වන්නෙහු නම් එවිට ඔවුහු ද නම්‍යශීලි වන්නට කැමති වෙති. info
التفاسير:

external-link copy
10 : 68

وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِیْنٍ ۟ۙ

තවද අධික වශයෙන් දිවුරා සිටින නීච සෑම කෙනෙකුට ම නුඹ අවනත නො වනු. info
التفاسير:

external-link copy
11 : 68

هَمَّازٍ مَّشَّآءٍ بِنَمِیْمٍ ۟ۙ

ඔහු දොස් නගන්නෙකි. කේලාම් කියමින් සැරිසරන්නෙකි. info
التفاسير:

external-link copy
12 : 68

مَّنَّاعٍ لِّلْخَیْرِ مُعْتَدٍ اَثِیْمٍ ۟ۙ

යහපත වළක්වන්නෙකි. සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. පාපිෂ්ඨයෙකි. info
التفاسير:

external-link copy
13 : 68

عُتُلٍّۢ بَعْدَ ذٰلِكَ زَنِیْمٍ ۟ۙ

හිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි. info
التفاسير:

external-link copy
14 : 68

اَنْ كَانَ ذَا مَالٍ وَّبَنِیْنَ ۟ؕ

ඔහු වස්තුව හා දරුවන් සතුව සිටි කෙනෙකු වූ බැවින්; info
التفاسير:

external-link copy
15 : 68

اِذَا تُتْلٰی عَلَیْهِ اٰیٰتُنَا قَالَ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟

ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධ වේ" යැයි කියයි. info
التفاسير:

external-link copy
16 : 68

سَنَسِمُهٗ عَلَی الْخُرْطُوْمِ ۟

නාසය මත අපි ඔහුට සලකුණු තබන්නෙමු. info
التفاسير: