పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం

పేజీ నెంబరు:close

external-link copy
9 : 69

وَجَآءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهٗ وَالْمُؤْتَفِكٰتُ بِالْخَاطِئَةِ ۟ۚ

ෆිර්අවුන්, ඔවුනට පෙර විසූ සමූහයන් හා උඩුයටිකුරු පෙරළා දඬුවම් දෙනු ලැබූ ගම්වාසීන් වන ලූත්ගේ ජනයා යන සමූහයන් දේව ආදේශය හා පාපකම් සිදුකරමින් ආහ. info
التفاسير:

external-link copy
10 : 69

فَعَصَوْا رَسُوْلَ رَبِّهِمْ فَاَخَذَهُمْ اَخْذَةً رَّابِیَةً ۟

ඔවුන්ගෙන් සෑම සමූහයක්ම ඔවුන් වෙත එවනු ලැබූ දූතයාණන්ට පිටු පා බොරු කළෝය. ඔවුන් මුළුමණින්ම විනාශ වන අයුරින් ඉතා බිහිසුණු ග්රහණයකින් අල්ලාහ් ග්රහණය කළේය. info
التفاسير:

external-link copy
11 : 69

اِنَّا لَمَّا طَغَا الْمَآءُ حَمَلْنٰكُمْ فِی الْجَارِیَةِ ۟ۙ

උසින් සීමාව ඉක්මවා ජලය ගලා ගිය කල්හි අපගේ නියෝගය පරිදි නූහ් අලය්හිස් සලාම් තුමා විසින් සාදන ලද නැවක සැබැවින්ම අපි නුඹලාගේ පරපුර ඉසිලුවෙමු. එය නුඹලා උසුලන්නක් විය. info
التفاسير:

external-link copy
12 : 69

لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَّتَعِیَهَاۤ اُذُنٌ وَّاعِیَةٌ ۟

දෙවියන් ප්රතික්ෂේප කරන ජනයා විනාශ කර දමන බවත්, දෙවියන් විශ්වාස කරන ජනයා ඉන් මුදවා ගන්නා බවත්, ප්රවේසමින් සවන් දෙන සවන් ඇත්තන් ආරක්ෂා කරන බවත් පෙන්වා දෙමින් එම නැව හා ඒ පිළිබඳ කතා වස්තුව උපදෙසක් බවට අපි පත් කළෙමු. info
التفاسير:

external-link copy
13 : 69

فَاِذَا نُفِخَ فِی الصُّوْرِ نَفْخَةٌ وَّاحِدَةٌ ۟ۙ

හොරණෑවේ වරක් පිඹීමට නියම කරන ලද මලක්වරයා එහි පිඹිණ විට. එය දෙවන පිඹුම වේ. info
التفاسير:

external-link copy
14 : 69

وَّحُمِلَتِ الْاَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَّاحِدَةً ۟ۙ

තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එකවර ඉතා තදින් හෙළනු ලැබේ. එවිට මහපොළොව කොටස් වශයෙන් හා එහි ඇති කඳු කොටස් වශයෙන් වෙන්ව යනු ඇත. info
التفاسير:

external-link copy
15 : 69

فَیَوْمَىِٕذٍ وَّقَعَتِ الْوَاقِعَةُ ۟ۙ

මේ සියල්ල සිදුවන දින මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන අවස්ථාව සිදු වේ. info
التفاسير:

external-link copy
16 : 69

وَانْشَقَّتِ السَّمَآءُ فَهِیَ یَوْمَىِٕذٍ وَّاهِیَةٌ ۟ۙ

අහස එකිනෙකට බැඳී ශක්තිමත්ව තිබුණායින් පසු ව එදින මලක්වරු පහළ වනු පිණිස අහස පැළී යනු ඇත. info
التفاسير:

external-link copy
17 : 69

وَّالْمَلَكُ عَلٰۤی اَرْجَآىِٕهَا ؕ— وَیَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ یَوْمَىِٕذٍ ثَمٰنِیَةٌ ۟ؕ

මලක්වරුන් ඒ අවට පැතිවල හා කොන්වල රැඳී සිටිති. අල්ලාහ්ට ඉතා සමීප මලක්වරුන් අතරින් අට දෙනෙකු ඒ මහා දිනයේ නුඹේ පරමාධිපතිගේ රාජධානිය ඔසවාගෙන සිටිනු ඇත. info
التفاسير:

external-link copy
18 : 69

یَوْمَىِٕذٍ تُعْرَضُوْنَ لَا تَخْفٰی مِنْكُمْ خَافِیَةٌ ۟

අහෝ ජනයිනි, අල්ලාහ් වෙත නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. කවර රහසිගත කරුණක් තිබුණ ද ඒ කිසිවක් නුඹලා වෙතින් අල්ලාහ්ට සැගවිය නොහැක. අල්ලාහ් ඒ ගැන මැනවින් දන්නාය. ඒ මත අධීක්ෂණය කරන්නාය. info
التفاسير:

external-link copy
19 : 69

فَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِیَمِیْنِهٖ فَیَقُوْلُ هَآؤُمُ اقْرَءُوْا كِتٰبِیَهْ ۟ۚ

තම ක්රියා සටහන් පොත කවරෙකුගේ දකුණතට දෙනු ලබන්නේ ද ඔහු ඉතා සතුටින් හා ප්රීතියෙන්: ‘ගන්න. කියවන්න. මාගේ ක්රියා ලේකනය.’ යැයි පවසයි. info
التفاسير:

external-link copy
20 : 69

اِنِّیْ ظَنَنْتُ اَنِّیْ مُلٰقٍ حِسَابِیَهْ ۟ۚ

සැබැවින්ම මම නැගිටුවනු ලබන බවත් මාගේ ප්රතිඵල මා ලබා ගන්නා බවත් මෙලොවෙහි මම දැන සිටියෙමි. එමෙන්ම මම එය තරයේ විශ්වාස කළෙමි. info
التفاسير:

external-link copy
21 : 69

فَهُوَ فِیْ عِیْشَةٍ رَّاضِیَةٍ ۟ۙ

ඔහු සදා සුවපහසුකම් දකින බැවින් තෘප්තිමත් ජීවිතයක පසුවෙයි. info
التفاسير:

external-link copy
22 : 69

فِیْ جَنَّةٍ عَالِیَةٍ ۟ۙ

නිලයෙන් හා ස්ථානයෙන් උසස් ස්වර්ග උයන්හි සිටියි. info
التفاسير:

external-link copy
23 : 69

قُطُوْفُهَا دَانِیَةٌ ۟

එහි පළතුරු අනුභව කරන්නන් හට ඉතා සමීපයෙන් පවතී. info
التفاسير:

external-link copy
24 : 69

كُلُوْا وَاشْرَبُوْا هَنِیْٓـًٔا بِمَاۤ اَسْلَفْتُمْ فِی الْاَیَّامِ الْخَالِیَةِ ۟

ඔවුනට සංග්රහයක් ලෙස, “නුඹලා ආහාර පාන අනුභව කරනු. පානය කරනු. මෙලොව ගත කල කාලයේ නුඹලා ඉදිරිපත් කළ දැහැමි ක්රියාවන් හේතුවෙන් නුඹලාට කිසිදු හිංසාවක් නැත.” යැයි ඔවුනට කියනු ලැබේ. info
التفاسير:

external-link copy
25 : 69

وَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِشِمَالِهٖ ۙ۬— فَیَقُوْلُ یٰلَیْتَنِیْ لَمْ اُوْتَ كِتٰبِیَهْ ۟ۚ

තම ක්රියා වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වනාහි, දැඩි පසුතැවිල්ලෙන් යුතු ව ‘අහෝ මට දඬුවම නියම කරන, පාප ක්රියාවන් සහිත මාගේ ක්රියා ලේඛනය දෙනු නොලබන්නට තිබුණා' යැයි පවසයි. info
التفاسير:

external-link copy
26 : 69

وَلَمْ اَدْرِ مَا حِسَابِیَهْ ۟ۚ

මාගේ විනිශ්චයට බදුන් වන කිසිවක් මා නොදැන සිටියේ නම් මැනවි. info
التفاسير:

external-link copy
27 : 69

یٰلَیْتَهَا كَانَتِ الْقَاضِیَةَ ۟ۚ

මා මිය ගිය එම මරණ අවස්ථාව නැවත කිසිවිටෙක අවදි කරනු නොලබන මරණයක් වූයේ නම් මැනවි. info
التفاسير:

external-link copy
28 : 69

مَاۤ اَغْنٰی عَنِّیْ مَالِیَهْ ۟ۚ

මාගේ ධනය අල්ලාහ්ගේ දඬුවමින් කිසිවක් වැළැක්වූයේ නැත. info
التفاسير:

external-link copy
29 : 69

هَلَكَ عَنِّیْ سُلْطٰنِیَهْ ۟ۚ

"මාගේ සාධක ද මා කවර කරුණක් මත ඉතා ශක්තිමත්ව තිරසාර ලෙස සිටියේ ද එය ද මගෙන් සැඟවී ගොස් ඇත." info
التفاسير:

external-link copy
30 : 69

خُذُوْهُ فَغُلُّوْهُ ۟ۙ

"අහෝ මලක්වරුනි, ඔහුව අල්ලා ගනු. ඔහුගේ අත ඔහුගේ ගෙලට ගැට ගසා තබනු." යැයි පවසනු ලැබේ. info
التفاسير:

external-link copy
31 : 69

ثُمَّ الْجَحِیْمَ صَلُّوْهُ ۟ۙ

නිරයේ උණුසුම විඳ වීමට ඔහු එතුළට හෙළනු. info
التفاسير:

external-link copy
32 : 69

ثُمَّ فِیْ سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُوْنَ ذِرَاعًا فَاسْلُكُوْهُ ۟ؕ

පසුව රියන් හැත්තෑවක් දිග දම්වැලකට ඔහු ඇතුල් කරනු. info
التفاسير:

external-link copy
33 : 69

اِنَّهٗ كَانَ لَا یُؤْمِنُ بِاللّٰهِ الْعَظِیْمِ ۟ۙ

සැබැවින්ම ඔහු සර්වබලධාරී අල්ලාහ් ව විශ්වාස නොකරන්නෙකු විය. info
التفاسير:

external-link copy
34 : 69

وَلَا یَحُضُّ عَلٰی طَعَامِ الْمِسْكِیْنِ ۟ؕ

දුගී දුප්පතුන්ට ආහාර සැපයීම සඳහා ඔහු වෙනත් කිසිවකු දිරි ගැන්වුයේ නැත. info
التفاسير:

external-link copy
35 : 69

فَلَیْسَ لَهُ الْیَوْمَ هٰهُنَا حَمِیْمٌ ۟ۙ

එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දඬුවමින් ඔහු වළක්වාලන්නට කිසිදු සමීපතයෙකු ඔහුට නැත. info
التفاسير:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• المِنَّة التي على الوالد مِنَّة على الولد تستوجب الشكر.
•පියා හට පිරිනැමූ ආශිර්වාදය දරුවා මත පිරිනැමූ ආශිර්වාදයයි. එය කෘතඥ වීම අනිවාර්යය කරනු ඇත. info

• إطعام الفقير والحض عليه من أسباب الوقاية من عذاب النار.
•දුගී දුප්පතුන්ට ආහාර සැපයීම ඒ සඳහා දිරි ගැන්වීම නිරා ගින්නේ දඬුවමින් ආරක්ෂා වීමට හේතුවක් වන්නේය. info

• شدة عذاب يوم القيامة تستوجب التوقي منه بالإيمان والعمل الصالح.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ බිහිසුණුභාවය දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් ඉන් ආරක්ෂා වීම අනිවාර්යය කරනු ඇත. info