పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - రువాద్ అనువాద కేంద్రం

పేజీ నెంబరు:close

external-link copy
19 : 44

وَّاَنْ لَّا تَعْلُوْا عَلَی اللّٰهِ ؕ— اِنِّیْۤ اٰتِیْكُمْ بِسُلْطٰنٍ مُّبِیْنٍ ۟ۚ

“තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නො වනු. නියත වශයෙන් ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන එන්නෙක් මි.” info
التفاسير:

external-link copy
20 : 44

وَاِنِّیْ عُذْتُ بِرَبِّیْ وَرَبِّكُمْ اَنْ تَرْجُمُوْنِ ۟ۚ

“තවද නුඹලා මා ගල් ගසා මැරීමෙන් නියත වශයෙන් ම මම මාගේ පරමාධිපති වෙතින් ද එමෙන් ම නුඹලාගේ පරමාධිපති වෙතින් ද ආරක්ෂාව පතමි.” info
التفاسير:

external-link copy
21 : 44

وَاِنْ لَّمْ تُؤْمِنُوْا لِیْ فَاعْتَزِلُوْنِ ۟

“තවද නුඹලා මා විශ්වාස නො කළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත්ව සිටිනු.” info
التفاسير:

external-link copy
22 : 44

فَدَعَا رَبَّهٗۤ اَنَّ هٰۤؤُلَآءِ قَوْمٌ مُّجْرِمُوْنَ ۟

එවිට ඔහු ‘නියත වශයෙන් ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේ ය. info
التفاسير:

external-link copy
23 : 44

فَاَسْرِ بِعِبَادِیْ لَیْلًا اِنَّكُمْ مُّتَّبَعُوْنَ ۟ۙ

(ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්‍රියේ ගමන් ගනු. නියත වශයෙන් ම නුඹලා ලුහුබඳිනු ලබන්නන් ය.” info
التفاسير:

external-link copy
24 : 44

وَاتْرُكِ الْبَحْرَ رَهْوًا ؕ— اِنَّهُمْ جُنْدٌ مُّغْرَقُوْنَ ۟

තවද “මුහුද ඒ අයුරින් ම (පැළී විවර ව) තිබෙන්නට ඔබ හරිනු. නියත වශයෙන් ම ඔවුහු ගිල්වනු ලබන සේනාවකි.” info
التفاسير:

external-link copy
25 : 44

كَمْ تَرَكُوْا مِنْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۙ

ඔවුහු උයන් වතු හා දිය උල්පත් කොපමණක් අතහැර දමා ගියෝ ද? info
التفاسير:

external-link copy
26 : 44

وَّزُرُوْعٍ وَّمَقَامٍ كَرِیْمٍ ۟ۙ

තවද කෙත්යායන් හා ගෞරවනීය ස්ථාන ද info
التفاسير:

external-link copy
27 : 44

وَّنَعْمَةٍ كَانُوْا فِیْهَا فٰكِهِیْنَ ۟ۙ

තවද එහි සතුටු විඳින්නන් ලෙස සිටි සැප සම්පත් ද (අතහැර දමා ගියෝ ද?) info
التفاسير:

external-link copy
28 : 44

كَذٰلِكَ ۫— وَاَوْرَثْنٰهَا قَوْمًا اٰخَرِیْنَ ۟

එලෙසය! අපි වෙනත් පිරිසකට ඒවා උරුම කළෙමු. info
التفاسير:

external-link copy
29 : 44

فَمَا بَكَتْ عَلَیْهِمُ السَّمَآءُ وَالْاَرْضُ وَمَا كَانُوْا مُنْظَرِیْنَ ۟۠

එවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නො වූවෝ ය. info
التفاسير:

external-link copy
30 : 44

وَلَقَدْ نَجَّیْنَا بَنِیْۤ اِسْرَآءِیْلَ مِنَ الْعَذَابِ الْمُهِیْنِ ۟ۙ

තවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින් ම අපි මුදවා ගත්තෙමු. info
التفاسير:

external-link copy
31 : 44

مِنْ فِرْعَوْنَ ؕ— اِنَّهٗ كَانَ عَالِیًا مِّنَ الْمُسْرِفِیْنَ ۟

ෆිර්අවුන්ගෙන් (අපි මුදවා ගත්තෙමු). නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතරින් උද්දච්ච අයෙකු විය. info
التفاسير:

external-link copy
32 : 44

وَلَقَدِ اخْتَرْنٰهُمْ عَلٰی عِلْمٍ عَلَی الْعٰلَمِیْنَ ۟ۚ

තවද දැනුවත්ව ම ලෝවැසියනට වඩා සැබැවින් ම අපි ඔවුන් තෝරා ගත්තෙමු. info
التفاسير:

external-link copy
33 : 44

وَاٰتَیْنٰهُمْ مِّنَ الْاٰیٰتِ مَا فِیْهِ بَلٰٓؤٌا مُّبِیْنٌ ۟

තවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය. info
التفاسير:

external-link copy
34 : 44

اِنَّ هٰۤؤُلَآءِ لَیَقُوْلُوْنَ ۟ۙ

නියත වශයෙන් ම මොවුහු මෙසේ පවසති. info
التفاسير:

external-link copy
35 : 44

اِنْ هِیَ اِلَّا مَوْتَتُنَا الْاُوْلٰی وَمَا نَحْنُ بِمُنْشَرِیْنَ ۟

“මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නො වෙමු.” info
التفاسير:

external-link copy
36 : 44

فَاْتُوْا بِاٰبَآىِٕنَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟

එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් නුඹලා නැවත ගෙන එනු.” info
التفاسير:

external-link copy
37 : 44

اَهُمْ خَیْرٌ اَمْ قَوْمُ تُبَّعٍ ۙ— وَّالَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— اَهْلَكْنٰهُمْ ؗ— اِنَّهُمْ كَانُوْا مُجْرِمِیْنَ ۟

ශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන් ම ඔවුහු අපරාධකරුවන් වූවෝ ය. info
التفاسير:

external-link copy
38 : 44

وَمَا خَلَقْنَا السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا لٰعِبِیْنَ ۟

තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සෙල්ලමට අපි නො මැව්වෙමු. info
التفاسير:

external-link copy
39 : 44

مَا خَلَقْنٰهُمَاۤ اِلَّا بِالْحَقِّ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟

ඒ දෙක සත්‍යයෙන් යුතුව මිස අපි නො මැව්වෙමු. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති. info
التفاسير: