పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - రువాద్ అనువాద కేంద్రం

සබඃ

external-link copy
1 : 34

اَلْحَمْدُ لِلّٰهِ الَّذِیْ لَهٗ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ وَلَهُ الْحَمْدُ فِی الْاٰخِرَةِ ؕ— وَهُوَ الْحَكِیْمُ الْخَبِیْرُ ۟

අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සතු වූ අල්ලාහ්ට මය සියලු ප්‍රශංසා. මතු ලොවෙහි සියලු ප්‍රශංසා ද ඔහු සතු ය. තවද ඔහු සියුම් ඥානී ය; අභිඥානවන්ත ය. info
التفاسير:

external-link copy
2 : 34

یَعْلَمُ مَا یَلِجُ فِی الْاَرْضِ وَمَا یَخْرُجُ مِنْهَا وَمَا یَنْزِلُ مِنَ السَّمَآءِ وَمَا یَعْرُجُ فِیْهَا ؕ— وَهُوَ الرَّحِیْمُ الْغَفُوْرُ ۟

මහපොළොව තුළට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එහි ආරෝහණය වන දෑ ද ඔහු දනී. තවද ඔහු මහාකරුණාන්විත ය; අතික්ෂමාශීලී ය. info
التفاسير:

external-link copy
3 : 34

وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لَا تَاْتِیْنَا السَّاعَةُ ؕ— قُلْ بَلٰی وَرَبِّیْ لَتَاْتِیَنَّكُمْ ۙ— عٰلِمِ الْغَیْبِ ۚ— لَا یَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِی السَّمٰوٰتِ وَلَا فِی الْاَرْضِ وَلَاۤ اَصْغَرُ مِنْ ذٰلِكَ وَلَاۤ اَكْبَرُ اِلَّا فِیْ كِتٰبٍ مُّبِیْنٍ ۟ۙ

තවද ‘අවසන් හෝරාව අප වෙත නො පැමිණෙනු ඇතැ’යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ. එසේ නොව අදෘශ්‍යමාන දෑ දන්නා වූ මාගේ පරමාධිපති මත දිවුරා පවසමි! නියත වශයෙන් ම එය නුඹලා වෙත පැමිණෙනු ඇත. අහස්හි හෝ වේවා මහපොළොවේ හෝ වේවා අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඊට වඩා කුඩා දෙයක් හෝ විශාල දෙයක් හෝ තිබුණ ද එය පැහැදිලි ලේඛනයේ සඳහන්ව මිස ඔහුගෙන් සැඟවෙන්නේ නැත යැයි (නබිවරය!) නුඹ පවසනු. info
التفاسير:

external-link copy
4 : 34

لِّیَجْزِیَ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ ؕ— اُولٰٓىِٕكَ لَهُمْ مَّغْفِرَةٌ وَّرِزْقٌ كَرِیْمٌ ۟

(මෙය) විශ්වාස කොට යහකම් කළවුනට ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිස ය. සමාව හා ගෞරවනීය පෝෂණ සම්පත් හිමි අය ඔවුහු ම ය. info
التفاسير:

external-link copy
5 : 34

وَالَّذِیْنَ سَعَوْ فِیْۤ اٰیٰتِنَا مُعٰجِزِیْنَ اُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ مِّنْ رِّجْزٍ اَلِیْمٌ ۟

තවද අපගේ වදන් පරාජය කිරීමට වෑයම් කළවුන් වනාහි ඔවුනට නපුරු දඬුවම් ඇත. info
التفاسير:

external-link copy
6 : 34

وَیَرَی الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ الَّذِیْۤ اُنْزِلَ اِلَیْكَ مِنْ رَّبِّكَ هُوَ الْحَقَّ ۙ— وَیَهْدِیْۤ اِلٰی صِرَاطِ الْعَزِیْزِ الْحَمِیْدِ ۟

තවද ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කරනු ලැබූ දෑ; එය මය සත්‍යය යැයි ද, එය ප්‍රශංසාලාභී සර්ව බලධාරියාණන්ගේ මාර්ගය වෙත මග පෙන්වනු ඇතැයි ද, ඥානය දෙනු ලැබූවන් දකිනු ඇත. info
التفاسير:

external-link copy
7 : 34

وَقَالَ الَّذِیْنَ كَفَرُوْا هَلْ نَدُلُّكُمْ عَلٰی رَجُلٍ یُّنَبِّئُكُمْ اِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ ۙ— اِنَّكُمْ لَفِیْ خَلْقٍ جَدِیْدٍ ۟ۚ

තවද නුඹලා පූර්ණ ලෙස කීතුකීතුවලට ඉරා දමනු ලැබ පසුව නව මැවීමක් ලබනු ඇතැයි පවසන මිනිසෙකු පිළිබඳ අපි නුඹලාට දැනුම් දෙන්න දැ? යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් විමසා සිටියෝ ය. info
التفاسير: