அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு

external-link copy
31 : 31

اَلَمْ تَرَ اَنَّ الْفُلْكَ تَجْرِیْ فِی الْبَحْرِ بِنِعْمَتِ اللّٰهِ لِیُرِیَكُمْ مِّنْ اٰیٰتِهٖ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُوْرٍ ۟

සුවිශුද්ධයාණන්ගේ බලය හා ඔහුගේ කරුණාව පෙන්වා දෙන සංඥා නුඹලාට ඉදිරිපත් කරනු පිණිස අහෝ ජනයිනි! ඔහුගේ කරුණාව හා ඔහු වසඟ කර දී ඇති, සාගරයේ යාත්රා කරන නැව් නුඹ නොදුටුවෙහි ද? හිංසා පීඩාවන් මත ඉවසීමෙන් කටයුතු කරන, ආශිර්වාද සඳහා කෘතවේදී වන සෑම කෙනෙකුටම ඔහුගේ බලය පිළිබඳ සාධක මෙහි ඇත. info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• نقص الليل والنهار وزيادتهما وتسخير الشمس والقمر: آيات دالة على قدرة الله سبحانه، ونعمٌ تستحق الشكر.
•රාත්රිය හා දහවලෙහි අඩු වීම හා ඒ දෙකෙහි වැඩි වීම, හිරු හා සඳු වසඟකර තිබීම සුවිශුද්ධයාණන් වන අල්ලාහ්ගේ ශක්තිය පෙන්වා දෙන සාධක වෙති. ඒ සඳහා කෘතඥතාව පුද කිරීම සුදුසු වන්නේය. info

• الصبر والشكر وسيلتان للاعتبار بآيات الله.
•ඉවසීම හා කෘතඥතාව අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ගැන සැලකිලිමත් වීම සඳහා පවතින මාධ්යයන් දෙකකි. info

• الخوف من القيامة يقي من الاغترار بالدنيا، ومن الخضوع لوساوس الشياطين.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ වූ බිය, මෙලොවෙහි රැවටී යාමෙන් හා ෂෙයිතාන්ගේ කුකුස්වලට යටත් වීමෙන් ආරක්ෂා කරයි. info

• إحاطة علم الله بالغيب كله.
•සියලු ගුප්ත දෑ කෙරෙහි අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම. info