அல்குர்ஆன் மொழிபெயர்ப்பு - சிங்கள மொழிபெயர்ப்பு - மர்கஸ் ருவ்வாதித்தர்ஜமா (மொழிபெயர்ப்பு முன்னோடிகள் நிலையம்)

பக்க எண்:close

external-link copy
12 : 60

یٰۤاَیُّهَا النَّبِیُّ اِذَا جَآءَكَ الْمُؤْمِنٰتُ یُبَایِعْنَكَ عَلٰۤی اَنْ لَّا یُشْرِكْنَ بِاللّٰهِ شَیْـًٔا وَّلَا یَسْرِقْنَ وَلَا یَزْنِیْنَ وَلَا یَقْتُلْنَ اَوْلَادَهُنَّ وَلَا یَاْتِیْنَ بِبُهْتَانٍ یَّفْتَرِیْنَهٗ بَیْنَ اَیْدِیْهِنَّ وَاَرْجُلِهِنَّ وَلَا یَعْصِیْنَكَ فِیْ مَعْرُوْفٍ فَبَایِعْهُنَّ وَاسْتَغْفِرْ لَهُنَّ اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟

අහෝ නබිවරය! දේවත්වය විශ්වාස කරන කාන්තාවෝ නුඹට ප්‍රතිඥා දෙන්නට නුඹ වෙත පැමිණ, ඔවුන් අල්ලාහ්ට කිසිවක් ආදේශ නො කරන බවටත්, ඔවුන් සොරකම් නො කරන බවටත්, ඔවුන් කාම අපචාරයේ නිරත නො වන බවටත්, ඔවුන් තම දරුවන් ඝාතනය නො කරන බවටත්, ඔවුන් අතර ගෙතූ කිසිදු අවලාදයක් ඔවුන් නො ගෙනන බවටත්, යහපත් කටයුතුවලදී ඔවුන් නුඹට පිටු නො පාන බවටත් ප්‍රතිඥා දුන් විට එය පිළිගනු. තවද නුඹ ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය. info
التفاسير:

external-link copy
13 : 60

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَوَلَّوْا قَوْمًا غَضِبَ اللّٰهُ عَلَیْهِمْ قَدْ یَىِٕسُوْا مِنَ الْاٰخِرَةِ كَمَا یَىِٕسَ الْكُفَّارُ مِنْ اَصْحٰبِ الْقُبُوْرِ ۟۠

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ් කවුරුන් වෙත කෝප වූයේද එවන් පිරිසක් නුඹලා මිතුරන් කර නො ගනු. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මිනී වළවල් තුළ සිටින්නන් (නැවත නැගිටුවීම) පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගත්තාක් මෙන් මොවුන් (මතුලොව) පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගෙන ඇත. info
التفاسير: