அல்குர்ஆன் மொழிபெயர்ப்பு - சிங்கள மொழிபெயர்ப்பு - மர்கஸ் ருவ்வாதித்தர்ஜமா (மொழிபெயர்ப்பு முன்னோடிகள் நிலையம்)

අල් හිජ්ර්

external-link copy
1 : 15

الٓرٰ ۫— تِلْكَ اٰیٰتُ الْكِتٰبِ وَقُرْاٰنٍ مُّبِیْنٍ ۟

අලිෆ්, ලාම්, රා. එය දේව ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ. info
التفاسير:

external-link copy
2 : 15

رُبَمَا یَوَدُّ الَّذِیْنَ كَفَرُوْا لَوْ كَانُوْا مُسْلِمِیْنَ ۟

(මෙලොව දී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්‍රතික්ෂේප කළවුන් (එදින) ඉමහත් සේ ප්‍රිය කරනු ඇත. info
التفاسير:

external-link copy
3 : 15

ذَرْهُمْ یَاْكُلُوْا وَیَتَمَتَّعُوْا وَیُلْهِهِمُ الْاَمَلُ فَسَوْفَ یَعْلَمُوْنَ ۟

ඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන්ව වෙනතකට යොමු කරයි. තවද ඔවුහු මතු දැන ගනු ඇත. info
التفاسير:

external-link copy
4 : 15

وَمَاۤ اَهْلَكْنَا مِنْ قَرْیَةٍ اِلَّا وَلَهَا كِتَابٌ مَّعْلُوْمٌ ۟

තවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නො කළෙමු. info
التفاسير:

external-link copy
5 : 15

مَا تَسْبِقُ مِنْ اُمَّةٍ اَجَلَهَا وَمَا یَسْتَاْخِرُوْنَ ۟

කිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නො කරයි. තවද ඔවුහු ප්‍රමාද ද නො වෙති. info
التفاسير:

external-link copy
6 : 15

وَقَالُوْا یٰۤاَیُّهَا الَّذِیْ نُزِّلَ عَلَیْهِ الذِّكْرُ اِنَّكَ لَمَجْنُوْنٌ ۟ؕ

තවද මෙනෙහි කිරීම (අල් කුර්ආනය) කවරෙකුට පහළ කරනු ලැබූවේද එම තැනැත්තාණනි! නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ. info
التفاسير:

external-link copy
7 : 15

لَوْ مَا تَاْتِیْنَا بِالْمَلٰٓىِٕكَةِ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟

නුඹ සත්‍යවාදීන් අතරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නො වේ ද? info
التفاسير:

external-link copy
8 : 15

مَا نُنَزِّلُ الْمَلٰٓىِٕكَةَ اِلَّا بِالْحَقِّ وَمَا كَانُوْۤا اِذًا مُّنْظَرِیْنَ ۟

(නබිවරය!) සත්‍ය හේතුවකින් මිස මලක්වරුන් පහළ නො කරන්නෙමු. එවිට ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නො වෙති. info
التفاسير:

external-link copy
9 : 15

اِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَاِنَّا لَهٗ لَحٰفِظُوْنَ ۟

නියත වශයෙන්ම අපමය මෙම මෙනෙහි කිරීම (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එයට ආරක්ෂකයෝ වෙමු. info
التفاسير:

external-link copy
10 : 15

وَلَقَدْ اَرْسَلْنَا مِنْ قَبْلِكَ فِیْ شِیَعِ الْاَوَّلِیْنَ ۟

තවද නුඹට පෙර වූ ආරම්භක පිරිස් අතරට ද සැබැවින් ම අපි (රසූල්වරුන්) පණිවිඩකරුවන් එව්වෙමු. info
التفاسير:

external-link copy
11 : 15

وَمَا یَاْتِیْهِمْ مِّنْ رَّسُوْلٍ اِلَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟

තවද ඔවුන් වෙත (අපගේ) කවර හෝ පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහුට සමච්චල් කරමින් ම සිටියහ. info
التفاسير:

external-link copy
12 : 15

كَذٰلِكَ نَسْلُكُهٗ فِیْ قُلُوْبِ الْمُجْرِمِیْنَ ۟ۙ

වැරදිකරුවන්ගේ හදවත් තුළට ද අපි එය කාවද්දනුයේ එලෙස ය. info
التفاسير:

external-link copy
13 : 15

لَا یُؤْمِنُوْنَ بِهٖ وَقَدْ خَلَتْ سُنَّةُ الْاَوَّلِیْنَ ۟

ඔවුහු එය විශ්වාස නො කරති. තවද සැබැවින් ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත. info
التفاسير:

external-link copy
14 : 15

وَلَوْ فَتَحْنَا عَلَیْهِمْ بَابًا مِّنَ السَّمَآءِ فَظَلُّوْا فِیْهِ یَعْرُجُوْنَ ۟ۙ

තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නො කරති.) info
التفاسير:

external-link copy
15 : 15

لَقَالُوْۤا اِنَّمَا سُكِّرَتْ اَبْصَارُنَا بَلْ نَحْنُ قَوْمٌ مَّسْحُوْرُوْنَ ۟۠

නියත වශයෙන් ම අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. එමෙන් ම අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු සැබැවින් ම පැවසූහ. info
التفاسير: