د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

د مخ نمبر:close

external-link copy
10 : 92

فَسَنُیَسِّرُهٗ لِلْعُسْرٰی ۟ؕ

නපුරු ක්රියා සිදු කිරීම සඳහා අපි ඔහුට පහසු කොට යහකම් කිරීම ඔහුට අසීරු කාර්යයක් බවට පත් කරන්නෙමු. info
التفاسير:

external-link copy
11 : 92

وَمَا یُغْنِیْ عَنْهُ مَالُهٗۤ اِذَا تَرَدّٰی ۟ؕ

කිසිවක් වියදම් නොකොට ඔහු මසුරුකමින් තබා ගත් ධනය, ඔහු විනාශ වී නිරයට පිවිසෙන විට කිසිදු ප්රයෝජනයක් ඔහුට එයින් ගෙන දෙන්නේ නැත. info
التفاسير:

external-link copy
12 : 92

اِنَّ عَلَیْنَا لَلْهُدٰی ۟ؗۖ

අසත්යයෙන් වෙන් වූ සත්යය මඟ පැහැදිළි කිරීම අප සතු වගකීමකි. info
التفاسير:

external-link copy
13 : 92

وَاِنَّ لَنَا لَلْاٰخِرَةَ وَالْاُوْلٰی ۟

මතුලොව ජීවිතය හා මෙලොව ජීවිතය අප සතුය. එබැවින් අප අභිමත කරනු ලබන පරිදි ඒ දෙක තුළ ක්රියා කරන්නට ඉඩ සලස්සන්නෙමු. අප හැර වෙන කිසිවකුට එහි කිසිදු අයිතියක් නැත. info
التفاسير:

external-link copy
14 : 92

فَاَنْذَرْتُكُمْ نَارًا تَلَظّٰی ۟ۚ

එබැවින් අහෝ මිනිසාණෙනි! ඔබ අල්ලාහ්ට පිටුපාන්නේ නම් ඇවිළෙන නිරා ගින්න පිළිබඳ ප්රවේසමෙන් සිටිනු. info
التفاسير:

external-link copy
15 : 92

لَا یَصْلٰىهَاۤ اِلَّا الْاَشْقَی ۟ۙ

එම ගින්නේ උණුසුමෙන් අභාග්යවන්තයා මිස වෙන කිසිවකු විඳවන්නේ නැත. ඔහු දෙවියන්ව ප්රතික්ෂේප කරන්නෙකි. info
التفاسير:

external-link copy
16 : 92

الَّذِیْ كَذَّبَ وَتَوَلّٰی ۟ؕ

ඔහු වනාහි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ගෙන ආ දෑ බොරු කළේය. අල්ලාහ්ගේ නියෝග පිළිපැදීමෙන් පිටුපෑවේය. info
التفاسير:

external-link copy
17 : 92

وَسَیُجَنَّبُهَا الْاَتْقَی ۟ۙ

ජනයා අතර වඩාත් බැතිමත් වූ අබූ බක්කර් (රළියල්ලාහු අන්හු) තුමා ඉන් දුරස් වනු ඇත. info
التفاسير:

external-link copy
18 : 92

الَّذِیْ یُؤْتِیْ مَالَهٗ یَتَزَكّٰی ۟ۚ

ඔහු පාපයෙන් පිවිතුරු වන්නට දැහැමි අයුරින් තම ධනය වියදම් කළේය. info
التفاسير:

external-link copy
19 : 92

وَمَا لِاَحَدٍ عِنْدَهٗ مِنْ نِّعْمَةٍ تُجْزٰۤی ۟ۙ

තම ධනයෙන් වියදම් කරන කිසියම් හෝ දෙයක් වේවා, ඔහු එය වියදම් කරනුයේ කිසිවකු තමන් වෙත කිසියම් ප්රිති උපකාරයක් කිරීමේ බලාපොරොත්තුවෙන් නොවේ. info
التفاسير:

external-link copy
20 : 92

اِلَّا ابْتِغَآءَ وَجْهِ رَبِّهِ الْاَعْلٰی ۟ۚ

එසේ ඔහු තම ධනය වියදම් කිරීමෙන් අපේක්ෂා කළ ඒකායන අරමුණ, සියලු මැවීම්වලට වඩා ඉහළින් සිටින උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තිය සදහාම පමණි. info
التفاسير:

external-link copy
21 : 92

وَلَسَوْفَ یَرْضٰی ۟۠

අල්ලාහ් ඔහුට පිරිනමන ගෞරවණීය සම්මාන හා ප්රතිඵල පිළිබඳ ඔහු මතු තෘප්තියට පත්වනු ඇත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• منزلة النبي صلى الله عليه وسلم عند ربه لا تدانيها منزلة.
• කිසිදු නිලයක් එයට ළඟා විය නොහැකි අල්ලාහ් අබියස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු නිලය. info

• شكر النعم حقّ لله على عبده.
•ගැත්තන් හට අල්ලාහ්ගේ වගකීම සම්බන්ධයෙන් වූ ආශිර්වාදයට කෘතඥ වීම. info

• وجوب الرحمة بالمستضعفين واللين لهم.
•දුබල අය සමග කාරුණික ව කටයුතු කිරීමේ හා ඔවුන් සමග සැහැල්ලුවෙන් කටයුතු කිරීමේ අනිවාර්යයභාවය. info