د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
88 : 9

لٰكِنِ الرَّسُوْلُ وَالَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ جٰهَدُوْا بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْ ؕ— وَاُولٰٓىِٕكَ لَهُمُ الْخَیْرٰتُ ؗ— وَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟

සැබැවින්ම දූතයාණන් හා එතුමාණන් සමග සිටි දෙවියන් විශ්වාස කරන්නන් වනාහි, ඔවුහු කුහකයින් මෙන් අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට පසුබට නොවූහ. ඔවුන් ජිහාද් කළේ ඔවුන්ගේ ධනය හා ප්රාණය පරදුවට තබමිනි. අල්ලාහ් අබියසින් ඔවුන්ගේ ප්රතිඵල වශයෙන් ජය හා යුද භාණ්ඩ මෙන් මෙලොව යහපත හිමි විය. මතුලොව යහපත ද හිමි වනු ඇත. ඒ අතරින් ස්වර්ගයට පිවිසීම ද ඉන් එකකි. එමෙන්ම අපේක්ෂා කළ ජය හා බියෙන් තොර ආරක්ෂාව ද හිමි වනු ඇත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• المجاهدون سيحصِّلون الخيرات في الدنيا، وإن فاتهم هذا فلهم الفوز بالجنة والنجاة من العذاب في الآخرة.
දෙවියන්ගේ මාර්ගයේ සටන් කරන මුජාහිද්වරුන් මෙලොවෙහි යහපත හිමිකර ගනු ඇත. එය මෙලොවෙහි ඔවුනට මග හැරුණේ නම් මතුලොවෙහි ස්වර්ගයේ ජය හා දඬුවමින් මිදීම ඔවුනට ඇත. info

• الأصل أن المحسن إلى الناس تكرمًا منه لا يؤاخَذ إن وقع منه تقصير.
ධර්මයෙහි පදනම වනුයේ මිනිසුනට උපකාර කරමින් යහපත කරන්නා, ඔහුට යම් අඩුවක් සිදු වුවද එය ඔහු විසින් ගණන් ගනු නොලැබීමය. info

• أن من نوى الخير، واقترن بنيته الجازمة سَعْيٌ فيما يقدر عليه، ثم لم يقدر- فإنه يُنَزَّل مَنْزِلة الفاعل له.
කිසිවකු යහපත කිරීමට අදිටන් කර ඒ සමගම තමන්ට හැකි උපරිමයෙන් එය ඉටු කිරීමේ අධිෂ්ඨානය ද එයට එකතු කර, පසුව ඒ සඳහා හැකියාව නොදැරුවේ නම්, සැබැවින්ම ඔහු එය ඉටු කළ පුද්ගලයාගේ නිලයට පත් වන්නේය. info

• الإسلام دين عدل ومنطق؛ لذلك أوجب العقوبة والمأثم على المنافقين المستأذنين وهم أغنياء ذوو قدرة على الجهاد بالمال والنفس.
ඉස්ලාමය තර්කාන්විත හා සාධාරණනීය දහමයි. තම ධනය හා ජීවිත පරදුවට තබා ජිහාද් කිරීමට හැකියාව ඇති පොහොසතුන් ලෙස කුහකයින් සිටියදීත් ඔවුන් යුද්ධයෙන් පසුබෑමේ අවසරය පැතූවෝය. ඔවුන්හට පාපකම හා දඬුවම අනිවාර්යය වී ඇත්තේ එබැවිනි. info