د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز

د مخ نمبر:close

external-link copy
105 : 7

حَقِیْقٌ عَلٰۤی اَنْ لَّاۤ اَقُوْلَ عَلَی اللّٰهِ اِلَّا الْحَقَّ ؕ— قَدْ جِئْتُكُمْ بِبَیِّنَةٍ مِّنْ رَّبِّكُمْ فَاَرْسِلْ مَعِیَ بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ

අල්ලාහ් මත සත්‍යය හැර වෙනත් කිසිවක් මා නො පැවසීමට නියම වී ඇත. නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් සමඟ සැබැවින් ම මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එබැවින් මා සමඟ ඉස්රාඊල් දරුවන් එවනු. info
التفاسير:

external-link copy
106 : 7

قَالَ اِنْ كُنْتَ جِئْتَ بِاٰیَةٍ فَاْتِ بِهَاۤ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟

(එයට ෆිර්අව්න්) නුඹ පැහැදිලි සාධකයක් රැගෙනැවිත් සිටින්නෙහි නම් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු ද වී නම් එය ගෙන එනු යැයි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
107 : 7

فَاَلْقٰی عَصَاهُ فَاِذَا هِیَ ثُعْبَانٌ مُّبِیْنٌ ۟ۚۖ

එවිට ඔහු ඔහුගේ සැරයටිය බිම දැමුවේ ය. එසැනින් එය පැහැදිලි සර්පයකු විය. info
التفاسير:

external-link copy
108 : 7

وَّنَزَعَ یَدَهٗ فَاِذَا هِیَ بَیْضَآءُ لِلنّٰظِرِیْنَ ۟۠

ඔහු තම අත (ලෝගුවෙන්) ඉවත දැමුවේ ය. එසැනින් එය බලන්නන්හට සුදු පැහැයෙන් දිස්විණ. info
التفاسير:

external-link copy
109 : 7

قَالَ الْمَلَاُ مِنْ قَوْمِ فِرْعَوْنَ اِنَّ هٰذَا لَسٰحِرٌ عَلِیْمٌ ۟ۙ

ෆිර්අවුන්ගේ පිරිස අතරින් වූ ප්‍රධානීහු "නියත වශයෙන් ම මොහු ඥානාන්විත හූනියම් කරුවෙකි" යැයි පවසා සිටියෝ ය. info
التفاسير:

external-link copy
110 : 7

یُّرِیْدُ اَنْ یُّخْرِجَكُمْ مِّنْ اَرْضِكُمْ ۚ— فَمَاذَا تَاْمُرُوْنَ ۟

මොහු නුඹලාව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමට සිතයි. එහෙයින් නුඹලා (මට) නියෝග කරනුයේ කුමක් ද? info
التفاسير:

external-link copy
111 : 7

قَالُوْۤا اَرْجِهْ وَاَخَاهُ وَاَرْسِلْ فِی الْمَدَآىِٕنِ حٰشِرِیْنَ ۟ۙ

ඔවුහු (ෆිර්අව්න්ට මෙසේ) පැවැසූහ. මොහු හා මොහුගේ සහෝදරයාට කල් දෙනු. (හූනියම්කරුවන්) එක්රැස් කරන්නන් නගරවලට යවනු. info
التفاسير:

external-link copy
112 : 7

یَاْتُوْكَ بِكُلِّ سٰحِرٍ عَلِیْمٍ ۟

මනා ඥානය ඇති සෑම හූනියම්කරුවකුම ඔවුහු නුඹ වෙත ගෙන එනු ඇත. info
التفاسير:

external-link copy
113 : 7

وَجَآءَ السَّحَرَةُ فِرْعَوْنَ قَالُوْۤا اِنَّ لَنَا لَاَجْرًا اِنْ كُنَّا نَحْنُ الْغٰلِبِیْنَ ۟

තවද හූනියම්කරුවෝ ෆිර්අවුන් වෙත පැමිණ ‘සැබැවින් ම අපි ජය ලබන්නන් වීමු නම් සැබැවින් ම අපට කුලියක් හිමි විය යුතුය’ යැයි පැවසුවෝ ය. info
التفاسير:

external-link copy
114 : 7

قَالَ نَعَمْ وَاِنَّكُمْ لَمِنَ الْمُقَرَّبِیْنَ ۟

එසේ ය. තවද නුඹලා (මට) සමීපතයින් අතරිනි යැයි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
115 : 7

قَالُوْا یٰمُوْسٰۤی اِمَّاۤ اَنْ تُلْقِیَ وَاِمَّاۤ اَنْ نَّكُوْنَ نَحْنُ الْمُلْقِیْنَ ۟

අහෝ මූසා! (විජ්ජාවන්) නුඹ දමන්නෙහි ද නැතිනම් අපි ම දමන්නන් වන්නෙමු දැ? යි ඔවුහු ඇසුවෝ ය. info
التفاسير:

external-link copy
116 : 7

قَالَ اَلْقُوْا ۚ— فَلَمَّاۤ اَلْقَوْا سَحَرُوْۤا اَعْیُنَ النَّاسِ وَاسْتَرْهَبُوْهُمْ وَجَآءُوْ بِسِحْرٍ عَظِیْمٍ ۟

නුඹලා දමනු යැයි ඔහු පැවසුවේ ය. ඔවුහු එය දැමූ කල්හි ජනයාගේ ඇස් බැන්දුම් කොට ඔවුන්ව බිය වැද්දූහ. තවද ඔවුහු මහත් හූනියම් (විජ්ජාවක්) ගෙන ආහ. info
التفاسير:

external-link copy
117 : 7

وَاَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی اَنْ اَلْقِ عَصَاكَ ۚ— فَاِذَا هِیَ تَلْقَفُ مَا یَاْفِكُوْنَ ۟ۚ

තවද ‘නුඹ නුඹේ සැරයටිය බිම දමනු’ යැයි අපි මූසා වෙත දන්වා සිටියෙමු. එවිට එය ඔවුන් සිදු කළ විජ්ජාවන් ගිල දැමී ය. info
التفاسير:

external-link copy
118 : 7

فَوَقَعَ الْحَقُّ وَبَطَلَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟ۚ

තවද සත්‍ය පැහැදිලි විය. ඔවුන් කරමින් සිටි දේ නිෂ්ඵල විය. info
التفاسير:

external-link copy
119 : 7

فَغُلِبُوْا هُنَالِكَ وَانْقَلَبُوْا صٰغِرِیْنَ ۟ۚ

එවිට එහි ඔවුන් පරාජයට පත් කරන ලදි. තවද ඔවුහු අවමානයට ලක් වූවන් බවට පෙරළුණෝ ය. info
التفاسير:

external-link copy
120 : 7

وَاُلْقِیَ السَّحَرَةُ سٰجِدِیْنَ ۟ۙ

තවද හූනියම්කරුවන් සිරස නමන්නන් ලෙස බිම ඇද දමන ලදි. info
التفاسير: