د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز

د مخ نمبر: 24:2 close

external-link copy
164 : 2

اِنَّ فِیْ خَلْقِ السَّمٰوٰتِ وَالْاَرْضِ وَاخْتِلَافِ الَّیْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِیْ تَجْرِیْ فِی الْبَحْرِ بِمَا یَنْفَعُ النَّاسَ وَمَاۤ اَنْزَلَ اللّٰهُ مِنَ السَّمَآءِ مِنْ مَّآءٍ فَاَحْیَا بِهِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِیْهَا مِنْ كُلِّ دَآبَّةٍ ۪— وَّتَصْرِیْفِ الرِّیٰحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَیْنَ السَّمَآءِ وَالْاَرْضِ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّعْقِلُوْنَ ۟

නියත වශයෙන් ම (අල්ලාහ් විසින්) අහස් හා මහපොළොව මැවීමෙහි ද, රාත්‍රිය හා දහවල මාරුවෙහි ද, ජනයාට ප්‍රයෝජනවත් දෑ රැගෙන මුහුදෙහි ගමන් කරන නැව්හි ද, අහසින් ජලය පහළ කර මහපොළොව මිය ගිය පසුව එය එමඟින් ජීවමාන කොට එහි සෑම සත්වයෙකු ම ව්‍යාප්ත කිරීමෙහි ද, සුළං හැමීමෙහි ද, අහස හා මහපොළොව අතර වසඟ කරනු ලැබූ වලාවන්හි ද අවබෝධ කරන ජනයාට සාධක ඇත. info
التفاسير:

external-link copy
165 : 2

وَمِنَ النَّاسِ مَنْ یَّتَّخِذُ مِنْ دُوْنِ اللّٰهِ اَنْدَادًا یُّحِبُّوْنَهُمْ كَحُبِّ اللّٰهِ ؕ— وَالَّذِیْنَ اٰمَنُوْۤا اَشَدُّ حُبًّا لِّلّٰهِ ؕ— وَلَوْ یَرَی الَّذِیْنَ ظَلَمُوْۤا اِذْ یَرَوْنَ الْعَذَابَ ۙ— اَنَّ الْقُوَّةَ لِلّٰهِ جَمِیْعًا ۙ— وَّاَنَّ اللّٰهَ شَدِیْدُ الْعَذَابِ ۟

අල්ලාහ් හැර දමා හවුල්කරුවන් පත් කර ගන්නා අය ජනයා අතුරින් වෙති. අල්ලාහ්ට ප්‍රිය කරන්නාක් මෙන්ම ඔවුහු ඔවුනට ප්‍රිය කරති. නමුත් විශ්වාස කළවුන් අල්ලාහ්ට (පමණක්) දැඩි ලෙස ප්‍රිය කරන්නන් වෙති. අපරාධ කළවුන් දඬුවම දකින විට සියලු බලය අල්ලාහ්ට ය. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය යන බව වටහා ගනු ඇත. info
التفاسير:

external-link copy
166 : 2

اِذْ تَبَرَّاَ الَّذِیْنَ اتُّبِعُوْا مِنَ الَّذِیْنَ اتَّبَعُوْا وَرَاَوُا الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الْاَسْبَابُ ۟

අනුගමනය කරනු ලැබූවන් අනුගමනය කළවුන්ගෙන් වෙන්වී ඔවුහු වේදනීය දඬුවම දැක තවද ඔවුන් අතර තිබූ සියලු සබඳතා විසන්ධි වී යන මොහොතක (වටහා ගනු ඇත.) info
التفاسير:

external-link copy
167 : 2

وَقَالَ الَّذِیْنَ اتَّبَعُوْا لَوْ اَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّاَ مِنْهُمْ كَمَا تَبَرَّءُوْا مِنَّا ؕ— كَذٰلِكَ یُرِیْهِمُ اللّٰهُ اَعْمَالَهُمْ حَسَرٰتٍ عَلَیْهِمْ ؕ— وَمَا هُمْ بِخٰرِجِیْنَ مِنَ النَّارِ ۟۠

"සැබැවින් ම අපටත් වාරයක් ඇත්නම් ඔවුන් අපගෙන් වෙන්වී ගියාක් මෙන් අප ද ඔවුන්ගෙන් වෙන් වන්නෙමු" යැයි අනුගමනය කළවුන් පවසති. එලෙසය අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට දුකතියක් ලෙස පෙන්වනුයේ. තවද ඔවුහු නිරා ගින්නෙන් බැහැර වන්නන් නො වෙති. info
التفاسير:

external-link copy
168 : 2

یٰۤاَیُّهَا النَّاسُ كُلُوْا مِمَّا فِی الْاَرْضِ حَلٰلًا طَیِّبًا ؗ— وَّلَا تَتَّبِعُوْا خُطُوٰتِ الشَّیْطٰنِ ؕ— اِنَّهٗ لَكُمْ عَدُوٌّ مُّبِیْنٌ ۟

අහෝ ජනයිනි! මහපොළොවේ ඇති දැයින් අනුමත පිවිතුරු දෑ අනුභව කරනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නො කරනු. සැබැවින් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි. info
التفاسير:

external-link copy
169 : 2

اِنَّمَا یَاْمُرُكُمْ بِالسُّوْٓءِ وَالْفَحْشَآءِ وَاَنْ تَقُوْلُوْا عَلَی اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟

ඔහු නුඹලාට අණ කරනුයේ නපුර හා අශීලාචාරකම ද, නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත ගොතා පැවසීම ද වේ. info
التفاسير: