ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

ߞߐߜߍ ߝߙߍߕߍ:close

external-link copy
11 : 87

وَیَتَجَنَّبُهَا الْاَشْقَی ۟ۙ

දෙවියන් ප්රතික්ෂේප කරන්නා එම උපදෙසින් දුරස් වී පළා යයි. එහෙයින් මතුලොවෙහි ඔහු නිරයට පිවිසෙන විට ජනයා අතර මහත් වූ අභාග්යවන්තයකු වෙයි. info
التفاسير:

external-link copy
12 : 87

الَّذِیْ یَصْلَی النَّارَ الْكُبْرٰی ۟ۚ

ඔහු මතුලොවේදී මහත් වූ ගින්නට පිවිසෙනු ඇත. එහි තිබෙන දැඩි උණුසුම සදා විඳිනු ඇත. info
التفاسير:

external-link copy
13 : 87

ثُمَّ لَا یَمُوْتُ فِیْهَا وَلَا یَحْیٰی ۟ؕ

නැවත මරණයට පත්වීමකින් තොරව, ලැබෙන දඬුවමින් ගැළවීමක් නොලබාම ඔහු නිරයේ සදා ජීවත් වනු ඇත. ඔහු එහි යහපත් ගෞරවනීය ජීවිතයක් ගත නොකරනු ඇත. info
التفاسير:

external-link copy
14 : 87

قَدْ اَفْلَحَ مَنْ تَزَكّٰی ۟ۙ

දෙවිඳුන්ට ආදේශ තැබීමෙන් හා පාපකම්වලින් තමන් පිවිතුරු කර ගත්තවුන් සැබැවින්ම ජයග්රහණය අත්පත් කර ගෙන ඇත. info
التفاسير:

external-link copy
15 : 87

وَذَكَرَ اسْمَ رَبِّهٖ فَصَلّٰی ۟ؕ

දික්ර් හෙවත් තම පරමාධිපතිව ප්රශංසාත්මකව මෙනෙහි කළ යුතු විවිධ ප්රකාශ ආගමානුකූලව ඉටු කරමින් හා සලාතයෙහි (යාඥාවෙහි) අපේක්ෂිත ගුණාංග පිළිපදිමින් ඔහුගේ පරමාධිපති ව ඔහු සිහිපත් කරයි. info
التفاسير:

external-link copy
16 : 87

بَلْ تُؤْثِرُوْنَ الْحَیٰوةَ الدُّنْیَا ۟ۚۖ

නමුත්, ඔබ මෙලොව ජීවිතයට ප්රමුඛතා ව දෙන්නෙහිය. මතුලොවට වඩා ඔබ එය උතුම් කොට සලකන්නෙහිය. ඒ දෙක අතර අතපසුවන දෑ බොහෝය. info
التفاسير:

external-link copy
17 : 87

وَالْاٰخِرَةُ خَیْرٌ وَّاَبْقٰی ۟ؕ

මෙලොව හා එහි ඇති සැපත, වින්දනය හා පැවැත්ම යනාදියට වඩා මතුලොව ශ්රේෂ්ඨය. උතුම්ය. ඊට හේතුව එහි ඇති සැපත සදා පවතින අමරණීය වන බැවිණි. info
التفاسير:

external-link copy
18 : 87

اِنَّ هٰذَا لَفِی الصُّحُفِ الْاُوْلٰی ۟ۙ

අප ඔබ වෙත මතක් කළ මෙම නියෝග හා තොරතුරු ඔබට පෙර පහළ වූ දේව පුස්තකයන්හී ද තිබිණ. info
التفاسير:

external-link copy
19 : 87

صُحُفِ اِبْرٰهِیْمَ وَمُوْسٰی ۟۠

එය ඉබ්රාහීම් හා මූසා (අලෙයිහිමස් සලාම්) යන නබිවරුන් වෙත පහළ කරනු ලැබූ පුස්තකයන් හී වෙති. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• أهمية تطهير النفس من الخبائث الظاهرة والباطنة.
• බාහිර හා අභ්යන්තර කිලිටිවලින් ආත්මය පිවිතුරු කර ගැනීමේ වැදගත්කම. info

• الاستدلال بالمخلوقات على وجود الخالق وعظمته.
• මැවීම් සියල්ල, ඒවා මැවූ මැවුම්කරුගේ පැවැත්ම හා ඔහුගේ බලය විදහා පාන සාධක වෙති. info

• مهمة الداعية الدعوة، لا حمل الناس على الهداية؛ لأن الهداية بيد الله.
• යහමඟ පිරිනැමීම අල්ලාහ් සතු කාර්යයක් වන බැවින් එය ලබා ගැනීමේ වගකීම මිනිසා මත පැටවී ඇත. info