ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

ߞߐߜߍ ߝߙߍߕߍ:close

external-link copy
20 : 75

كَلَّا بَلْ تُحِبُّوْنَ الْعَاجِلَةَ ۟ۙ

එසේ නොව, නැවත නැගිටුවීම විය හැක්කක් නොවන බව නුඹලා වාද කරන්නාක් මෙන් එම කරුණ නැත. නුඹලාගේ මැවීම ආරම්භ කිරීමට බලය දැරූ සර්වබලධාරියාණන් නුඹලාගේ මරණයෙන් පසුව නුඹලාට යළි ජීවය ලබා දීමට නොහැක්කෙකු නොවේ. නමුත් නුඹලා නැවත නැගිටුවනු ලැබීම බොරු යැයි පවසා සිටීමට හේතුව ඉක්මණින්ම ඉකුත් වී යන මෙලොව ජීවිතය සඳහා නුඹලා තුළ ඇති දැඩි ආශාවයි. info
التفاسير:

external-link copy
21 : 75

وَتَذَرُوْنَ الْاٰخِرَةَ ۟ؕ

අල්ලාහ් නුඹලාට අවනත වන මෙන් නියම කළ දෑ ඉටු කිරීම හා ඔහු තහනම් කළ දෑ අත හැර දැමීම යන මතුලොව ජීවන මාර්ගය නුඹලා අතහැර දමන්නෙහුය. info
التفاسير:

external-link copy
22 : 75

وُجُوْهٌ یَّوْمَىِٕذٍ نَّاضِرَةٌ ۟ۙ

එදින දේව විශ්වාසීන්ගේ හා භාග්යවන්තයින්ගේ මුහුණු ආලෝකයෙන් බැබලෙමින් පවතී. info
التفاسير:

external-link copy
23 : 75

اِلٰى رَبِّهَا نَاظِرَةٌ ۟ۚ

ඒ ගැන සතුටු විදිමින් තම පරමාධිපති දෙස බලමින් සිටිති. info
التفاسير:

external-link copy
24 : 75

وَوُجُوْهٌ یَّوْمَىِٕذٍ بَاسِرَةٌ ۟ۙ

එදින දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ හා අභාග්යවන්තයින්ගේ මුහුණු රැලි ගැසී පවතී. info
التفاسير:

external-link copy
25 : 75

تَظُنُّ اَنْ یُّفْعَلَ بِهَا فَاقِرَةٌ ۟ؕ

මහත් ව්යසනයක් හා වේදනීය දඬුවමක් එමගින් පහළ වනු ඇතැයි විශ්වාස කරයි. info
التفاسير:

external-link copy
26 : 75

كَلَّاۤ اِذَا بَلَغَتِ التَّرَاقِیَ ۟ۙ

තමන් මිය ගිය පසු දඬුවම් කරනු නොලැබේ යැයි අල්ලාහ්ට ආදේශ කරන්නන් සිතනවාක් මෙන් එම කරුණ නැත. ඔවුන්ගෙන් කිසිවකුගේ ආත්මය ඔහුගේ හදවතට ඉහළින් පහව යන විට, info
التفاسير:

external-link copy
27 : 75

وَقِیْلَ مَنْ ٚ— رَاقٍ ۟ۙ

සුවය ලබා දිය හැකි ආරක්ෂකයා කවුරුන් දැයි ජනයා අතරින් ඇතැමෙක් ඇතැමෙකුගෙන් විමසා සිටියි. info
التفاسير:

external-link copy
28 : 75

وَّظَنَّ اَنَّهُ الْفِرَاقُ ۟ۙ

එසේ වෙන්වෙන අවස්ථාවේ සැබැවින්ම තමන් මරණයට පත්වීමෙන් මෙලොවින් සමුගන්නට යනු ඇතැයි තරයේ විශ්වාස කරයි. info
التفاسير:

external-link copy
29 : 75

وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ ۟ۙ

මෙලොවින් සමුගෙන මතුලොව ආරම්භ කරන විට සියලු දුෂ්කරතා ඒකරාශී වනු ඇත. info
التفاسير:

external-link copy
30 : 75

اِلٰى رَبِّكَ یَوْمَىِٕذِ ١لْمَسَاقُ ۟ؕ۠

එය සිදු වන විට, මිය ගිත තැනැත්තා ඔහුගේ පරමාධිපති වෙත කැඳවා ගෙන යනු ලැබේ. info
التفاسير:

external-link copy
31 : 75

فَلَا صَدَّقَ وَلَا صَلّٰى ۟ۙ

තම දහම් දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද, එය එම දේව ප්රතික්ෂේපකයා තහවුරු කළේ නැත. එමෙන්ම පිවිතුරු අල්ලාහ්ට සලාත් ඉටු කළේ ද නැත. info
التفاسير:

external-link copy
32 : 75

وَلٰكِنْ كَذَّبَ وَتَوَلّٰى ۟ۙ

නමුත් ඔහු තම දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කළේය. එයට පිටුපෑවේය. info
التفاسير:

external-link copy
33 : 75

ثُمَّ ذَهَبَ اِلٰۤی اَهْلِهٖ یَتَمَطّٰى ۟ؕ

පසු ව දෙවියන් ප්රතික්ෂේප කළ ඔහු, තම පවුල වෙත උඩගු ලීලාවෙන් අහංකාරයෙන් යුතුව ගමන් කළේය. info
التفاسير:

external-link copy
34 : 75

اَوْلٰى لَكَ فَاَوْلٰى ۟ۙ

සැබැවින්ම දඬුවම ඔහු වැළඳ ගෙන ඇත, ඔහු එයට සමීප වී ඇතැයි අල්ලාහ් එම ප්රතික්ෂේප කරන්නාහට ප්රතිඥා කරයි. info
التفاسير:

external-link copy
35 : 75

ثُمَّ اَوْلٰى لَكَ فَاَوْلٰى ۟ؕ

එය තහවුරු කරන්නක් වශයෙන් නැවතත් ‘පසු ව ද නුඹට විනාශය වේවා! විනාශයම වේවා!’ යනුවෙන් අල්ලාහ් ප්රකාශ කරයි. info
التفاسير:

external-link copy
36 : 75

اَیَحْسَبُ الْاِنْسَانُ اَنْ یُّتْرَكَ سُدًی ۟ؕ

කිසිදු ආගමික පිළිවෙතක් ඔහු ට නොපවරාම, සැබැවින්ම අල්ලාහ් ඔහු ව නිකරුණේ අතහැර දමනු ඇතැයි ඔහු සිතන්නේ ද? info
التفاسير:

external-link copy
37 : 75

اَلَمْ یَكُ نُطْفَةً مِّنْ مَّنِیٍّ یُّمْنٰى ۟ۙ

දිනක මෙම මිනිසා ගර්භාෂය තුළ හළන ලද ශුක්රාණුවක් ලෙස නොසිටියේ ද? info
التفاسير:

external-link copy
38 : 75

ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوّٰى ۟ۙ

ඉන් පසු ව එය ලේ කැටියක් බවට පත් විය. පසු ව අල්ලාහ් ඔහු මැවීය. ඔහුගේ මැවීම සංකීර්ණ මැවීමක් විය. info
التفاسير:

external-link copy
39 : 75

فَجَعَلَ مِنْهُ الزَّوْجَیْنِ الذَّكَرَ وَالْاُ ۟ؕ

එම වර්ගයා අතර පිරිමියා හා ගැහැණිය යන වර්ග දෙකක් ඇති කළේය. info
التفاسير:

external-link copy
40 : 75

اَلَیْسَ ذٰلِكَ بِقٰدِرٍ عَلٰۤی اَنْ یُّحْیِ الْمَوْتٰى ۟۠

ශුක්රාණුවෙන් පසු ලේ කැටිය යන පිළිවෙළින් මිනිසා මැවූ මැවුම්කරුට විනිශ්චය හා ප්රතිඵල සඳහා නව මැවීමකින් යුතුව මිය ගිය ඇත්තන් යළි ජීවමාන කිරීමට හැකියාව ඇත්තෙකු නොවේ ද? එසේය, සැබැවින්ම ඔහු එයට හැකියාව ඇත්තාය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• خطر حب الدنيا والإعراض عن الآخرة.
•මෙලොව ප්රිය කොට මතුලොව නොසලකා හැරීමේ ඇති අවදානම. info

• ثبوت الاختيار للإنسان، وهذا من تكريم الله له.
•මිනිසාට තෝරා ගැනීමේ නිදහස ස්ථීර කිරීම. එය අල්ලාහ් ඔහුට කරන ගෞරවයකි. info

• النظر لوجه الله الكريم من أعظم النعيم.
•අල්ලාහ්ගේ මුහුණ දැකීම ආශිර්වාද අතරින් මහත් වූ ආශිර්වාදයකි. info