ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
77 : 7

فَعَقَرُوا النَّاقَةَ وَعَتَوْا عَنْ اَمْرِ رَبِّهِمْ وَقَالُوْا یٰصٰلِحُ ائْتِنَا بِمَا تَعِدُنَاۤ اِنْ كُنْتَ مِنَ الْمُرْسَلِیْنَ ۟

නමුත් අල්ලාහ්ගේ නියෝගය පිළිපැදීමට උඩඟු වෙමින් කිසිදු හිංසාවක් නොකළ යුතු යැයි ඔවුනට තහනම් කළ ඔටු දෙන ඔවුහු කපා හැරියෝය. සාලිහ් තුමා ඔවුනට කවර කරුණක් අවවාද කර සිටියේද ඔවුන් එයින් ඈත්ව එයට අපහාස කරමින්, “අහෝ සාලිහ්! ඔබ අල්ලාහ්ගෙන් වූ සැබෑ දූතයකු නම් ඔබ අපට අවවාද කරන එම වේදනීය දඬුවම අප වෙත ගෙන එන්නැ”යි පැවසුවෝය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الاستكبار يتولد غالبًا من كثرة المال والجاه، وقلة المال والجاه تحمل على الإيمان والتصديق والانقياد غالبًا.
අහංකාරය, බොහෝ විට අධික ධනය හා කීර්තිය හේතුවෙන් උදා වන්නේය. ස්වල්ප ධනය හා කීර්තිය බොහෝ විට ඊමාන් හෙවත් දේව විශ්වාය, තහවුරු කිරීම හා අවනත වීම යනාදිය උසුලනු ඇත. info

• جواز البناء الرفيع كالقصور ونحوها؛ لأن من آثار النعمة: البناء الحسن مع شكر المنعم.
මාලිගා හා වෙනත් ගොඩනැගිලි මෙන් උස් ගොඩනැගිලි තැනීමේ අනුමැතිය. ඊට හේතුව ආශිර්වාද කළ තැනත්තාට කෘතඥ වෙමින් අලංකාර ලෙස ගොඩනැගිලි ඉදි කිරීම එම ආශිර්වාද පෙන්වා දෙන සලකුණක් වන බැවිණි. info

• الغالب في دعوة الأنبياء أن يبادر الضعفاء والفقراء إلى الإصغاء لكلمة الحق التي جاؤوا بها، وأما السادة والزعماء فيتمردون ويستعلون عليها.
නබිවරුන් ඇරයුම් කිරීමේදී, ඔවුන් ගෙන ආ වදනට සවන් දෙන්නට බොහෝ විට පෙරටුගාමී වනුයේ දුර්වලයින් හා දිළින්දන්ය. නායකයින් හා ප්රභූවරුන් කැරලි ගසන අතර ඒ සඳහා අහංකාරකම් පානු ඇත. info

• قد يعم عذاب الله المجتمع كله إذا كثر فيه الخَبَث، وعُدم فيه الإنكار.
නපුරුකම් අධික වී, එය වැළැක්වීමෙන් ඉවත් වූ විට අල්ලාහ්ගේ දඬුවම මුළු සමාජයටම පොදු වන්නේය. info